අන්තරේ කොළඹ වටලන්න සූදානමින්

302

ලක්ෂ එකහමාරකට අධික විශ්වවිද්‍යාල සිසු – සිසුවියන්ට වසර ගණනාවක සිට පවතින ගැටලුවලට රජය විසඳුම් ලබා නොදීමට එරෙහිව ඉදිරි දින කිහිපය ඇතුළත කොළඹට සියලු විශ්වවිද්‍යාල සිසුන් කැඳවා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මෙම ගැටලු පිළිබඳව කීපඅවස්ථාවකම පසුගිය රජයන් මෙන්ම වත්මන් රජය ද දැනුවත් කර ඇතත් එය බීරි අලින්ට වීණා වැයීමක් බදු බව ද හෙතෙම කීය.

2014 දී රුපියල් 5000කින් වැඩි කරන ලද මහපොළ ශිෂ්‍යාධාර මේ දක්වා වැඩි නොකිරීම, වසර ගණනක සිට පවතින විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාර ගැටලුවට විසඳුම් ලබානොදීම, දේශකයින් සියයට 50කගේ හිඟය, විශ්වවිද්‍යාල ආපනශාලාවල ආහාර මිල අධික වීම ඇතුළු තවත් ගැටලු රැසකට මේ වන තෙක් විසඳුම් ලබාදී නැතැයි ද හේ සඳහන් කළේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment