මාර්ග ආරක්ෂාව ජාතික සභාව හිස්

69

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පිහිටුවා වසර 17ක් ගතවී ඇතත් එය කොමිෂන් සභාවක් ලෙස ස්ථාපිත කර නොතිබීම නිසා සභාවේ කාර්යයන් ඉටුකිරීමට නීතිමය බලතල ලැබී නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම තත්ත්වය නිසා කොමිෂන් සභාවේ කටයුතු සඳහා විදිමත් කාර්යමණ්ඩලයක් ද පත්කිරීමට නොහැකි වී තිබුණි. මේ හේතුවෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් 14 දෙනකු ද, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 4 දෙනකු ද, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නිලධාරියකු ද අදාළ රාජකාරි කටයුතු සඳහා අනුයුක්ත කර තිබුණි.

කොමිෂන් සභාවක් ලෙස ස්ථාපනය කිරීමේ ප්‍රධාන අරමුණු කර ගෙන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පිහිටුවා තිබූ අතර 2023 ජනවාරි මස 24 වැනිදා වන විටත් මෙය කොමිෂන් සභාවක් ලෙස පත් කර නොතිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment