හරීන්ට මනුෂට සජබ තහනම්

314

රජයේ ඇමැති පදවි ගත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වූ හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කර විනය ක්‍රියාමාර්ගයන් ගන්නා බව සජබ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා “දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ඔවුන් ගත් ක්‍රියාමාර්ග ගැන ලිඛිතව කරුණු විමසීම් කර අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු කීය.

ඉදිරියේදීත් තම පක්‍ෂයේ කවුරුන් හෝ ආණ්ඩුවේ ඇමැති ධුර ගතහොත් ඔවුන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියා කරන බවද ඒ මහතා පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment