ජනතාවට සහන දෙන්න සල්ලි නැතත් ඇමැති නඩත්තුවට නම් සල්ලි තිබෙනවා

54

බෙහෙත් වර්ග 140 ක් නැහැ. පිළිකා රෝහලේ බෙහෙත් නැහැ. සේලයින් එක හෝස් කෑල්ලත් පිටින් අරන් එන්න කියන රෝහල් ද තිබෙනවා. සෞඛ්‍ය ඇමැතිවරයා අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම ප්‍රමාද කරන්න කියලා. වෛද්‍යවරු විනෝදාංශයට ශල්‍යකර්ම කරන්නේ නැහැ. අද රටට අත්‍යවශ්‍ය නොවන්නේ ඇමැතිවරුයි, එහි අනවශ්‍ය 38 ක් ඉන්නවා. තව පත් කරගෙන යනවා. ඒ අයත් කාර්ය මණ්ඩලත් නඩත්තුවට ජනතාවට යෙදවිය හැකි මුදල් යොදවලා. ඖෂධ ගේන්න සල්ලි දෙන බව කලක සිට කීවත් ඒවා ඉලක්කම් පමණක් බවට පත්වෙලා” යැයි සමගි

ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

පෙරේදා (13 දා) පැවති සජබ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීය. එහිදී රාජකරුණා මහතා මෙසේ ද කීය.

මේ මොහොතේ ඉතා කනගාටු වෙනවා අන්තර් විශ්වවිද්‍යාල කැඳවුම්කරු වසන්ත මුදලිට නැවතත් ඇප ලබා දීමට විරුද්ධව උසාවි යන්න සූදානම් වෙනවා. අපිට ආරංචියි ඒ කටයුත්ත ඊයේ දිනයේදී සිදුවෙලා තියෙනවා කියලා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ කරන කටයුත්ත අපි ඉතා පිළිකුල් ලෙස කනගාටු වෙනවා. මොකද මේ රටේ හොරකම් කරපු වංචා කරපු අමාත්‍ය මණ්ඩලයේ විශාල පිරිසක් ඉන්නවා. නඩු ගණනාවක් මේ වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුවෙන් අයින් කරගෙන තියෙනවා. අපි ඉල්ලීමක් කරනවා කරුණාකරලා වසන්ත මුදලිගේ නෙමෙයි මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය අපේ රටේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරගෙන ඉන්නව. අන්න ඒ මුදල් ටික අපේ රටට නැවත ගන්න ඕන. ඒකට අවශ්‍ය කටයුත්ත නීතිපති දෙපාර්තමේන්තුව කොන්ද කෙලින් තියාගෙන කටයුතු කරන්න.

දහතුන්වන සංශෝධනය ගැන පක්ෂයේ මතය මාධ්‍යවේදියකු විසින් විමසා සිටියා. එහිදී පිළිතුරු දුන් මන්ත්‍රීවරයා පැහැදිලිවම අපි මේ රටේ බලය විමධ්‍යගත කිරීමට අවශ්‍යයි කියන මතයේ පක්ෂයක් විදියට ඉන්නවා. තව වෙනස්කම් සිදු කරනවද ඒ ඕනෑම දේකට නම්‍යශීලීයි. හැබැයි ඉතා පැහැදිලිවම බලය විමධ්‍යගත කළ යුතුයි. මේ බලය විමධ්‍යගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඉටු කරන්න සම්පූර්ණ සහාය දෙනවා. නමුත් ඒක මේ වෙලාවේ ජාතිවාදය ආගම්වාදය අවුස්සලා බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ කණ්ඩායමට යළි මාතෘකාවක් හදලා රාජපක්ෂවරුන්ට බලයට එන්න ජාතිවාදය ඇවිස්සීම ද රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ඉටුකරන්නේ. යළි රාජපක්ෂවරු බලයට ගෙන ඒම ද යටි අරමුණ කියලා අපිට සැකයක් තියෙනවා.

සමගි ජන බලවේගයේ බෞද්ධ කටයුතු පිළිබඳ සභාපති ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා,

වර්තමානය වනවිට විදේශීය ඩයස්පෝරාවේ පමණක් නෙමෙයි මුළු ජාත්‍යන්තරයම බලාපොරොත්තු වෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පවතිනවා ද කියලා බලන්න. ඇත්තටම අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා රනිල් රාජපක්ෂ ආණ්ඩුව හැම උත්සාහයක්ම දරනවා මේ ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය නැති කරන්න. ඒ අය උත්සාහ කරන්නේ මැතිවරණය කල්දාන්න එය හරියට රාජපක්ෂ රනිල් ආණ්ඩුවට මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ දෙයක්. ශ්‍රී ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔය හැම මන්ත්‍රීවරයෙක් අමාත්‍යවරයෙක් පමණක් නෙමෙයි ජනාධිපති පවා දිවුරුම් දීලා ප්‍රකාශයක් දෙනවා මම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment