ආකල්ප දුර්වල අය කරන සිස්ටම් චේන්ජ් එකත් දුර්වලයි

179

විද්‍යාලංකාර සභාවේ සභාපති ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් හිටපු ප්‍රධාන විධායක ලලිත් ද සිල්වා ඔස්‌ට්‍රේලියාවේ සිට ‘දිවයින’ට කියයි

ප්‍රාන්ත මැතිවරණ රැස්වීමකට නිව් සවුත්වේල්ස් මහ ඇමැති නියම වෙලාවට තනිවම ආවා
මහ ඇමැතිට ඉඳගන්නට පුටුවක් මේසයක් තිබුණේ නැහැ
කිසිම දේශපාලනඥයකු ගැන විවේචනයක් කළේ නැහැ
කිසිම පොලිස් නිලධාරියකු හෝ ආරක්ෂක නිලධාරියෙක් සිටියේ නැහැ

අපේ රටේ සිස්ටම් චේන්ජ් එක වෙනස් කිරීමත් කරන්නට නම් පළමුව ආකල්ප හා දේශපාලන සංස්කෘතිය වෙනසක් කළ යුතු යයි කැලණිය විද්‍යාලංකාර සභාවේ සභාපති ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් හිටපු ප්‍රධාන විධායක ලලිත් ද සිල්වා මහතා පැවසීය.

දුර්වල ආකල්ප තිබෙන දේශපාලනඥයින් ව්‍යාපාරිකයන් රාජ්‍ය සේවකයින් හා වෘත්තිකයන් කරන සිස්ටම් චේන්ජ් එකත් දුර්වල එකක් බව අප තේරුම් ගත යුතුයි.

පසුගිය ඉරිදා ඔස්‌ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ මහ ඇමැතිවරයාගේ (ඩොමිනික් පොරෝටටී) ආසනයේ මැතිවරණ කටයුතු වෙනුවෙන් තිබූ රැස්වීමකට මම ගියා. මහ ඇමැතිතුමා හරියටම එනවයි කිව්ව වෙලාවට පැමිණියා. ඔහු ආවේ තනිවම. ඔහු සමග කිසිම සගයකු පිටුපස ආවේ නැහැ.

ඔහුට එහි ඉඳගන්නට පුටුවක් මේසයක් තිබුණේ නැහැ. සියලු ඡන්දදායකයන්ට ඉඳගන්න ආසන තිබුණා. ඔහු මුළු කාලයම ගත කළේ හිටගෙන.

දේශපාලනඥයන් අතර නාගරික සභිකයන් දෙදෙනෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පමණයි හිටියේ. පූජ්‍ය පක්ෂය සිටියේ නැහැ.

පිළිගැනීමේ කතාව විනාඩි දෙකයි. දෙවනුව මහ ඇමැතිතුමා හඳුන්වා දුන්නේ වසර පනහක් දේශපාලනයේ නිරත වූ වයෝවෘද්ධ ඡන්ද දායකයෙක්. ඔහුගේ කතාව විනාඩි 3 යි.

මහ ඇමැතිවරයාගේ කතාව විනාඩි 12 යි. එතුමා කතා කළේ එතුමාගේ රජය කළ දේවල් කරගෙන යන දේවල්. දීර්ඝකාලීන සැලැස්ම පමණයි. අමතරව ප්‍රතිපත්ති ගැන ටිකක් කතා කළා. කිසිම දේශපාලනඥයකුගේ ගැන විවේචනයක් කළේ නැහැ. නමුත් විරුද්ධ පක්ෂය ගැන විනාඩියක් පමණ අඩුපාඩු පෙන්වා දුන්නා. පැයක් පමණ ගත කළේ පැමිණි අය සමග සුහදව කතා කරන්න.

කිසිම පොලිස් නිලධාරියකු හෝ ආරක්ෂක නිලධාරියෙක් දැක්කේ නැහැ. කතාවෙන් පසු තිබුණා තේ පැන් සංග්‍රහයක්. එහි සේවය කළේ මෙවර සෙනට් සභාවට තරග කරන තරගකාරියක්.

මෙහිදී බෙදුව පත්තරයේ මහ ඇමැතිතුමාගේ ඡන්දයට උදව් කළ හැකි ක්‍රම ගැනත් මුදල් පරිත්‍යාගයන් කළ හැකි අන්දමත් දක්වා තිබුණා. වැඩිම මුදල ලෙස දක්වා තිබුණේ ඩොලර් 2000 ක් පමණයි. ඊට අදාළ ෆෝම් එකක් ද එහි දක්වා තිබුණා.

ඒ වගේ මත්පැන් සිගරට් සූදු හා ඉඩම් සංවර්ධනය කරන ව්‍යාපාරිකය්නට මුදල් පරිත්‍යාග කිරීම තහනම් කියා දක්වා තිබුණා.

ලලිත් ද සිල්වා මහතා ඔස්‌ට්‍රේලියාවේ සිට ‘දිවයින’ අමතමින් මේ බව සඳහන් කර සිටියේය. නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජනගහනය මිලියන 8.1 ක්. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 88 (2021) වන අතර නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආර්ථිකය ඩොලර් බිලියන 488 කි.

advertistmentadvertistment
advertistmentadvertistment