එයා දැන් බැඳලා හින්ද මනීත් සැබෑවටම බැන්දා

345

කපුකම කළේ මහේන්‍ද්‍ර පෙරේරා සර්

එයා දැන් බැඳලා ටෙලි නාට්‍යයට මනීව ප්‍රසන්න ජයකොඩි හොයාගත්තේ කොහොමද කියලා වගේම මනී කියන මේ චරිතය සැබෑ ජීවිතයේ වොනවගේ කට්ටක් කාලා බෙන්තර ගඟෙන් එහා පැත්තේ ඉඳලා මේ කොලොම්තොටට පයගහපු විදිහත් අපි ඔයාලට කිව්වා මතක ඇතිනේ. එයා දැන් බැඳලා දැන් ඉවරයි. හැබැයි ඒ වුණාට මනී සැබෑවටම බැන්දේ මේ ඊයේ පෙරේදා. මනීට ජීවය දුන් ප්‍රදීප් රාමවික්‍රමගේ වගතුග කට්ටිය හොයන්න ගත්තේ දැන්. ඒ හින්දම ප්‍රදීප් රාමවික්‍රමගේ ආදර කතාවත් මේ විදිහට අපි දිගහරිනවා.

● මනී සුද්දිට අත්වුණු ඉරණම ගැන මොකද හිතන්නේ?

ගොඩක් අයට දැන් එයා දැන් බැඳලා අවසානය ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව ඇයි සුද්දි සිරිව අතහැරලා යන්නේ කියලා. ඇයි එහෙම තැනකට සුද්දිව පත් කළේ කියලා. සුද්දිට අත්වුණු ඉරණම නැවත සුද්දිගේ දරුවට අත්නොවන්න වගබලා ගන්න තමයි සුද්දි ජීවත් වෙන්නේ. මේක මෙහෙම නතර කරන්න හේතුව තව චැප්ටර් එකක් ඊළඟට එයාගේ තිබෙනවා. ඒක ටෙලි නාට්‍යයක් නෙමෙයි චිත්‍රපටයක් විදියට ඒක ටික කාලයක් යයි. එහෙම අදහසක් මත තමයි අධ්‍යක්‍ෂවරයා මේක මේ වගේ තැනකින් නතර කරන්නේ.

මනී ප්‍රදීප් රාමවික්‍රමගේ ජීවිතයට මොන වගේ බලපෑමක් ද ඇති කළේ.

මනී කියන චරිතයට මුලින් නාට්‍ය ඇතුළේ ආකර්ෂණයක් ඇති වුණා වගේම ඉවර වෙනකොට රඟපෑම ඇතුළේ මා ගැන ලොකු විශ්වාසයකින් කතාබහ කරන්න පටන් ගත්තා. ආශිර්වාද සුබ පැතීම් රැසක් ගලාගෙන ආවා. විෂය ඇතුළේ, ක්‍ෂේත්‍රය ඇතුළේ අය මාව කලින් දැනගෙන හිටියට ලංකාවේ ප්‍රේක්‍ෂකාගාරය මාව හඳුනාගත්තේ මනීගේ චරිතය හරහායි. මගේ ජීවිතයේ තිබුණ හීනවලට යම්කිසි තෝතැන්නක් වුණා මේ නිර්මාණයේ තිබෙන රංගනය සහ චරිතය.

එයා දැන් බැඳලා හින්ද මනීත් සැබෑවටම බැන්දා

මේ වෙනකොට ඔස්කාර් සම්මානය ගන්න ආසියාවේ අයටත් පුළුවන් වෙලා තියෙනවා. ඉතිං මගේ ජීවිතයේ සිහිනය තමයි ඔස්කාර් හරි කෑන්ස් හරි සම්මානයක් ලබාගැනීම. මම දන්නේ නැහැ ලංකාවේ අයෙකුට ඒක කොතරම් දුරට පුළුවන් වෙයිද කියලා. මම හැමදාම ඒකට ට්‍රයි කරනවා. අනික එක සැරේකට ඒක කරන්න බැහැ කියලත් දන්නවා. ඒ සිහිනවලට යන්න මේ චරිතය ලොකු පිටිවහලක්.

එයා දැන් බැඳලා හින්ද මනීත් හැබෑවටම බැන්දා?

මට මහ ලොකුවට සල්ලි නැහැ. ඒක හින්ද තමයි වැඩි සද්ද බද්ද නැතිව වෙඩින් එක ගත්තේ. නොකියා බැරි පිරිසකුත් ඉන්නවා. ඔවුන්ට නොකියපු එක ගැන පොඩි වොරි එකකුත් තියෙනවා. මම එච්චර ආර්ථික තත්ත්වයකින් දියුණුවුණ නැති මනුස්සයෙක්. අපි දෙන්නට අපි දෙන්නගෙ කතාබහ ඇතුළේ අපි දෙන්නට එහෙම බඳින්න සිද්ධ වුණා.

ඇයව කොහොමද යාළු වෙන්නේ?

ඇත්තටම මට උදයංගනීව හම්බවෙන්නේ ඇක්ටින් ස්කූල් එක හරහාමයි. ඒ මීට අවුරුදු තුනකට කලින්. එයත් සෞන්දර්ය විශ්වවිiාලයෙන් උපාධියක් ලබාගත් තරුණියක්. නමුත් අපි දෙන්නා සරසවියේ ඉන්නකොට දෙන්නම අඳුරන්නේ නැහැ. මොකද මම ඩ්‍රාමා ෆැකල්ටි එකේ එයා සංගීත අංශයේ. මට වඩා වසර තුනකට පහළ බැජ් එකේ හිටපු කෙනෙක්. නමුත් ඇය මහේන්‍ද්‍ර පෙරේරාගේ ඇක්ටින් ස්කූල් එකට එනවා ඉගෙන ගන්න. ඇය මට වඩා උස කෙනෙක්.

එයා දැන් බැඳලා හින්ද මනීත් සැබෑවටම බැන්දා

මේ ඔබේ පළමු ආදර කතාවද?

නැහැ. මට ඒ වෙනකොට ආදරේ කරපු කෙනෙක් හිටියා. ඒ ආදරය බිඳිලා අවුරුද්දක් දෙකක් යනකම් කිසිම දෙයක් ගැන හිතන්නේ නැතිව හිටපු කාලයක් තිබුණා. මොකද මට විශ්වවිiාලයේ තිබුණු ආදරය බිඳිලා ගියාට පසුවයි මට ඇයව හමුවෙන්නේ. එයා මම වැඩ කරන විදිහ දැකලා මගෙත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්තා. ඒ හරහා තමයි මේ ආදරය වැඩෙන්න පටන් ගත්තේ. ඒකටත් මහේන්‍ද්‍ර පෙරේරා සර් තමයි මැදිහත් වෙන්නේ. එයා තමයි කතාබහ කරලා මේක එක තැනකට ගේන්නේ.

කපුකම කළේ මහේන්‍ද්‍ර සර්ද?

ඔව්. මගේ ගුරුවරයා. මනී කියන චරිතය ප්‍රසන්න සර්ට හඳුන්වා දෙන්නෙත් වගේම මගේ ජීවිතයේ ඇත්ත ආදරය හොයලා දෙන්න මූලිකයෙක් වෙන්නෙත් මහේන්‍ද්‍ර සර්. එයා තමයි කිව්වේ මේක උඹට හරියන එක. උඹේ ජීවිතය යන විදිහට හෙල්ප් එකක් දෙන්න පුළුවන්. උඹව උඩ තැනකට ගෙනියන්න පුළුවන් එකම ගැහැනිය ඇයයි කියලා. හැබැයි ඒ කාලේ මට පොඩි ගොං තර්කයක් තිබුණා.

එයා දැන් බැඳලා හින්ද මනීත් සැබෑවටම බැන්දා

● ඒ මොකක්ද?

මෙයා මට වඩා ගොඩක් උසයිනේ. නැහැ. ඒ වෙලාවේ සර් මට උදාහරණයට කිව්වේ අමරදේවට හිටියෙත් උස ගෑනියෙක්. ලෙස්ටර් ජේම්ස් පීරිස්ට හිටියෙත් උස ගෑනියෙක්. ඉතිං එහෙම දෙයක් නෑ. අනික ඒ වගේ සාම්ප්‍රදායික තැනකට කොටුවෙන්න එපා. මෙයා තමයි උඹේ ජීවිතයට හරියටම හරියන්නේ කියල සර් තමයි කිව්වේ. ඇය මේ ඉවසීම ප්‍රගුණ කරන කාලය.

● බිරිඳගේ විස්තර කිව්වොත්

බිරිඳ දැනට සේවය කරන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ. අපේ ආදර කතාවට අවුරුදු 3 ක් වෙනවා. ඇය සෞන්දර්ය කලා විශ්වවිiාලයේ සංගීතය සම්බන්ධයෙන් ඉගෙන ගත්තු චරිතයක්. එයා හොඳ වයලින් ප්ලේයර් කෙනෙක්.

කට්ටිය බැන්නෙ නැතිද සද්ද නැතුවම කසාද බැන්ද කියලා.

හොඳටම බනිනවා. දැනටමත් පොඩි පොඩි අමනාපකම් පවා ඇතිවෙලා. අපේ වෙඩින් එකට දෙපැත්තෙන් අත්සන් කළේ බූඩි සර් වගේම මහේන්‍ද්‍ර සර්. බූඩි අයියා ඔක්කොම ලයිව් දානවානේ. ඉතිං අපේ වෙඩින් එකත් ලයිව් දාලා මම හොඳටම අනාථ වුණා.

එයා දැන් බැඳලා හින්ද මනීත් සැබෑවටම බැන්දා

මගේ ගම මාතරනේ. ඉතිං අපේ ගෙදරින් ආවේ මගේ තාත්තා විතරයි. ඒ ගොල්ලන්ට මම කරදර කරන්න ගියේ නෑ. මගේ බිරිඳගේ පැත්තෙන් අම්මයි තාත්තයි අක්කල දෙන්නයි නංගියි විතරයි ආවේ. තවත් කෙනෙකුට කරදර කරන්න අපිට වුවමනාවක් තිබුණේ. නෑ. ඇත්තටම මුදු දෙක හදන්න විතරයි අපිට සල්ලි තිබුණේ. අනෙක් මිනිස්සු සතුටු කරන්න ගිහින් අපි විනාශ වෙන්න ඕනෑ නැහැ කියලා හිතුණා. අනික බොරු ආටෝප පෙන්වලා එහෙම වෙඩින් ගන්න වුවමනාවක් තිබ්බේ නෑ. අපිට පුළුවන් මට්ටමින් තමයි කසාද බැන්දේ. ඒක අනෙක් අය තේරුම් ගනීවි කියලා මම හිතනවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment