ශ්‍රී ලංකාව 115 ට පල්ලම් බහී

273

ලොව රටවල් ශ්‍රේණිගත කිරීම් සිදුකරන ජාත්‍යන්තර දර්ශකයක් වන Brand Finance ගෝලීය ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 115 වන ස්ථානයට පසු බැස තිබේ.

එම දර්ශකයට අනුව පසුගිය වසරේදී 73 වන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව රටවල් 42 කට පසුබසිමින් මෙම ස්ථානයට පත් වී තිබේ.

මෙම කරුණු අනාවරණය වූයේ 2023 වසරේ ලොව රටවල් ලබා ඇති ශ්‍රේණිගත කිරීම් සම්බන්ධව Brand Finance ආයතනය පසුගියදා (2023 මාර්තු 02) එළි දැක්වූ නවතම වාර්තාවට අනුවයි. එම වාර්තාව පෙන්වා දෙන්නේ 1948 වසරේ නිදහස ලබාගැනීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළතම ආර්ථික අර්බුදයට වර්තමානයේ මුහුණ දෙමින් සිටින බවයි. එමෙන්ම මෙම ගෝලීය දර්ශකයට අනුව මෙම වසරේ පසුබෑම අතින් ඉහළම තත්ත්වයක් වාර්තා කරන රට ද ශ්‍රී ලංකාව වනවා.

මෙම දර්ශකයට අනුව බරපතළ ආර්ථික සහ දේශපාලන අර්බුද පැවති සැම්බියාව, මියන්මාරය යන රටවල් පිළිවෙළින් 113, සහ 114 යන ස්ථානවල පසුවන අතර ඉරාකය 116 වන තැනද ලාඕසය 117 ස්ථානයේ සහ උගන්ඩාව 118 වන ස්ථානයේ පසුවනවා.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment