යුක්‍රේන නගරයක් රුසියාවට යටත්වන ලකුණු

558

රුසියානු හා යුක්‍රේන හමුදාවන් අතර දරුණු ගැටුම් පවතින යුක්‍රේනයට අයත් ප්‍රධාන නගරයක් වන අව්ඩිව්කා නගරය රුසියානු හමුදාව යටතට පත් වීමේ අවදානමක් ඇති බව ඇමරිකා එක්සත් ජනපදය විසින් නිවේදනය කර තිබේ. යුක්‍රේන හමුදාව සතුව පවතින අවි හිඟය හේතුවෙන් නැගෙනහිර යුක්‍රේන නගරයක් වන අව්ඩිව්කා නගරයේ පාලනය ළඟදීම රුසියානු හමුදාව යටතට පත් වනු ඇති බව ඇමරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි පවසා තිබේ.

මේ අතර යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ අව්ඩිවකා නගරයේ පවතින සටන්වලින් යුක්‍රේන ජාතිකයන් වැඩි දෙනකුගේ ජීවිත බේරා ගැනීමට සෑම පියවරක්ම ගන්නා බවයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment