ඩුබායි පන්නන්න ගිය මිලියන 25 ක රට සල්ලි සමග 5ක් දැලේ

508

ගමන් මලූවල සඟවා රුපියල් මිලියන විසිපහකට ආසන්න වටිනාකමින් යුතු විදේශීය මුදල් ඩුබායි බලා රැුගෙන යෑමට තැත්කළ පුද්ගලයන් පස් දෙනකු කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබේ.

පෙරේදා (29 දා) එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ කේ 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා යෑමට පැමිණි අවස්ථාවේදී ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී මෙම විදෙස් මුදල් තොගය සොයා ගැනීමට හැකි වූ බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසීය.

මොවුන්ගේ ගමන්මලූවල ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ ඇමරිකානු ඩොලර් 95000ක්, යූරෝ 18000ක්, සවුදි රියාල් 37000ක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවද අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළිබඳව විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ප‍්‍රභාත් විතාන, ගුවන්තොටුපළ –  ටී. කේ. ජී. කපිල
 

advertistmentadvertistment
advertistmentadvertistment