හරක්කටාගේ පලායාමේ තැතට සී. අයි. ඩී. තිදෙනකු ගැන විමර්ශන

489

මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක්කටා’ නමැත්තා අපරාධ පරීක්‍ෂණ දොපාර්තමේන්තුවෙන් පලා යෑමට සැලසුම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා, අධ්‍යක්‍ෂවරයා හා ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් විමර්ශන ආර්මභ කළ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඊයේ (14 දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට දැනුම් දුන්නේය.

ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තා කර එම නිලධාරීන්ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා අවශ්‍ය නියෝග ලබාගන්නා බව ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

අධිකරණයෙන් ලබාගත් නියෝග අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 34 දෙනකුගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු ලබාගත් බවත්, එකී ගිණුම් වාර්තා අනුව ඔවුනට අයථා ලෙස මුදල් ලැබී ඇති බවට කිසිදු තොරතුරක් අනාවරණය නොවන නමුත් වෙනත් ක්‍රමවලින් ඔවුන්ට හෝ ඔවුන්ගේ ඥාතීන්ට අයථා ලෙස මුදල් ලැබුණේදැයි අනාවරණය කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට පැවසූහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment