සුජය කැන්ඩොස් BOC රන් කැකුළු ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අද කටුගස්තොට ගලගෙදර නව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේදී

46

සුජය ශිෂ්‍යත්ව පුවත්පත මගින් සංවිධානය කරනු ලබන 2023 වර්ෂයේ විසිහතර වැනි ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය ජූලි 25 වැනි අඟහරුවාදා (අද) දින මහ/කටු/ගලගෙදර නව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය. අනාගතයට අධ්‍යාපනයෙන් පිරිපුන් දරු පරපුරක් බිහි කිරීමට පුරෝගාමීව කටයුතු කරන උපාලි පුවත්පත් සමාගමේ සුජය ශිෂ්‍යත්ව පුවත්පතේ මෙම සත්කාරයට කටුගස්තොට අධ්‍යාපන කලාපයේ ආරාධිත පාසල් කිහිපයක සිසු සිසුවියෝ සහභාගි වෙති. කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා රසිකා පීරිස්. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුජීවා. එන්. වීරසුන්දර සහ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා ප්‍රාථමික අංශ භාර සේනානි රන්කොත්ගේ යන මහත්මීන්ගේ අනුමැතියෙන් සහ ගලගෙදර අලෙවි නියෝජිත වසන්ත රණවීර, අලෙවි සංවර්ධන නිලධාරි ප්‍රදීප් මහකුමාර සහ ගලගෙදර නව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඩී. ආර්. ඩබ්. එන්. බි. හේනේගම යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මෙම සුජය, කැන්ඩොස්, BOC රන් කැකුළු ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පැවැත්වේ.

BOC රන් කැකුළු පූර්ණ අනුග්‍රහක දායකත්වයෙන් සහ සිලෝන් චොක්ලට් (KANDOS) සමාගමේ අනුග්‍රාහක දායකත්වයෙන් පැවැත්වෙන මෙම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ දේශන මෙහෙයවීම අනුරාධපුර පැණසර ප්‍රාථමික විද්‍යාලයේ ආචාරිනි ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශිකා ප්‍රදීපා මධුවන්ති රාජකරුණා ගුරුතුමිය විසින් සිදු කිරීමට නියමිතය. ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට සමගාමීව පැවැත්වෙන දෙමාපිය දැනුවත් කිරීමේ දේශනය ගුරු උපදේශිකා ප්‍රවීණ නාට්‍යවේදිනී ප්‍රියංවදා ගොඩගේ මහත්මිය විසින් මෙහෙයවනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment