‘ආර්ථික යුක්තිය උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය’ අද හෙටම

77

ආර්ථික යුක්තිය උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංවිධානයක් ලබන සතියේ එළිදැක්වීමට නියමිතය.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී තීරණ රැසකට එළඹීමට නියමිත බව වාර්තා වේ. මෙම සංසදයට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් දසදෙනකු පළමු අදියරේ දී එක් වනු ඇතැයි වාර්තා වේ. දේශපාලන පක්ෂ කිහිපයක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් මේ සඳහා සහභාගි වීමට තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් එළඹෙන පාර්ලිමේන්තු සතියේ දිනක රාත්‍රියේ කොළඹ පවත්වන විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම සංසදය සහ ඊට අදාළ සිය ඉදිරි වැඩපිළිවෙළ ආරම්භ කරන බව විපක්ෂ මන්ත්‍රීවරයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට සඳහන් කළේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment