ගීත පහළොවක් කළා – එළියට දාන එක හිතාගන්න බැහැ

214

ප්‍රසිද්ධ බෑන්ඩ් දෙකකට සිංදු කිව්වා
‘කඩුල්ල.ට තිබුණ කළු ගඟ ‘මිණිගං දෑල.ට තිබුණෙ නැහැ

චරිත් අබේසිංහ කියන්නෙ ගායකයෙක්” රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්‍ෂවරයෙක් හැටියට රටම හඳුනන චරිතයක්. ඔහගේ නවතම අධ්‍යක්‍ෂණය චණ්ඩි කුමාරිහාමි මේ දිනවල පුංචි තිරයේ දකින්න ලැබෙනවා. ඒ වගේම ඔහුගේ රංගනයන් කදිර දිව්‍යරාජ චිත්‍රපටය හරහාත් මේ දිනවල ඔබට දැකගන්නට පුළුවන්. මේ ගැන වැඩි විස්තර දැනගන්න අපි චරිත් සමග කතාබහකට එකතු වුණා.

චරිත්” චණ්ඩි කුමාරිහාමි බිහි වුණ හැටි කිව්වොත්?

චණ්ඩි කුමාරිහාමි ගැන මීට කලින් කතාකරල තිබුණෙ මහාචාර්ය උක්කුබණ්ඩා සර් විතරයි. එතුමා කරපු රිසර්ච් එකක් තියෙනව අනුරාධපුර නුවරකලාවියේ රාජ්‍ය යාන්ත්‍රණය” ඒවායේ තනතුරු ආදිය ඇතුළුව එහි එදා තත්ත්වය කොහොමද තිබුණෙ කියන දේ ගැන. ඒ වගේම අනුරාධපුර කච්චේරියේ අවුරුදු හතළිහක් පමණ සේවය කළ කෙනෙක් තමයි චණ්ඩි කුමාරිහාමි පොත ලියන්නෙ. මේක නවකතාවක්. අපි ටෙලි නාට්‍යයේදි නම් ගම් ටිකක් වෙනස් කරල තියෙනව. මොකද ඒ සමහර පරම්පරාවල අය තවමත් ජීවත් වෙනව. ඒ අයට ප්‍රශ්නයක් නොවෙන්නයි එහෙම කළේ. මේ කතාවෙන් කියැවෙන්නෙ නුවරකලාවියේ 1850න් පස්සෙ 1950 වන තුරු වසර සියයක කාලයක් තුළ තිබුණු පරිසරය සහ රාජ්‍ය යාන්ත්‍රණය ගැන.

ගීත පහළොවක් කළා - එළියට දාන එක හිතාගන්න බැහැ
ගීත පහළොවක් කළා - එළියට දාන එක හිතාගන්න බැහැ

චණ්ඩි කුමාරිහාමි සත්‍ය චරිතයක්ද?

ඔව්” ඇය සත්‍ය චරිතයක්. අපි අද දකින අටමස්ථානය සුද්දන්ගෙන් බේරගන්න වගේම අද දක්වා ශේෂව පවතින්න එතුමිය විශේෂ කාර්යභාරයක් කරල තියෙනව.

ඉතිහාසයට සම්බන්ධ නිර්මාණවලටද චරිත්ගෙ වැඩි කැමැත්ත?

මම ඉතිහාසයට සම්බන්ධ නිර්මාණ දෙකයි නැතිනම් තුනයි කරල තියෙන්නෙ. අනෙකුත් නිර්මාණ තමයි දැනට වැඩිපුර කරල තියන්නෙ. උදාහරණ විදිහට ගත්තොත් සත්‍යා” රාධී” කුමී” නම්බර් 9 වගේ නිර්මාණ ගන්න පුළුවන්.

ගීත පහළොවක් කළා - එළියට දාන එක හිතාගන්න බැහැ

චණ්ඩි කුමාරිහාමි චරිතයට මාධවී ඉලක්ක කරගෙනද පිටපත ලියවුණේ?

ඇත්තම කිව්වොත් මාධවී ඉලක්ක කරගෙන නෙමෙයි පිටපත ලියවුණේ. මේ චරිතය සම්බන්ධව කතාකරන කාලෙ වන විට අපි මාධවී එක්ක වෙන වැඩක් කර කර හිටියෙ. ඒ අවස්ථාවේ අපි මේ පිටපත ගැන කාතාකරද්දි ඇයගේ තිබුණ උනන්දුව වගේම මේ සඳහා ඇයගේ සූදානමක් තිබෙන බව අපි දැක්ක. ඒ වගේම මේ වෙනුවෙන් කාලය ශ්‍රමය කැපකරන්නත් ඇය සූදානමින් හිටියා. අපිත් හිතුවා ඒ වගේ කැපකිරීමක් කරන්න පුළුවන් කෙනෙකුට තමයි මේ වගේ චරිතයක් දෙන්න ඕන කියල. ඒ වගේම පළවෙනි වතාවට තමයි මාධවී මෙවැනි ප්‍රධාන චරිතයකින් කරළියට එන්නෙ.

ගීත පහළොවක් කළා - එළියට දාන එක හිතාගන්න බැහැ

මේ නිර්මාණයේදි මොන වගේ අභියෝග වලටද මුහුණ දුන්නෙ?

රන්මිණිතැන්න” අනුරාධපුර” වේයන්ගොඩ” කුරුණෑගල වගේ ලංකාවේ බොහෝ තැන්වල අපි රූගතකිරීම් කරනව. බොහෝ දුරට අපිට අභියෝග වෙන්නෙ මේ තැන්වලට ගමන් කිරීම” ප්‍රාග්ධන ප්‍රශ්න වගේ දේවල්. ඇත්තටම මේක අභියෝගයකට වඩා හොඳ අත්දැකීමක්. මේ නිර්මාණය අදට වඩා වටින්නෙ තව අවුරුදු විස්සකින් විසිපහකින්. මොකද පරිසරය මිනිසා විසින් ආක්‍රමණය කරල මෙවැනි දර්ශන තල රට තුළ නැති වෙන කාලෙක අද කරන නිර්මාණවල වටිනාකම හොඳින්ම දැනේවි. මොකද නැවත කෙනෙකුට මෙවැනි නිර්මාණ කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් ධර්මසේන පතිරාජ මහත්මයා ‘කඩුල්ල. කරන කාලෙ තිබුණ කළු ගඟ ‘මිණිගං දෑල. කරනකොට මට තිබුණෙ නැහැ. ඒක විනාස වෙලා. මේවාට ජනතාව වගේම දේශපාලකයිනුත් වගකියන්න ඕන.

චරිත්ට කදිර දිව්‍යරාජ සිනමා නිර්මාණයේ චරිතයක් ලැබෙනව?

දෛවෝපගතව දුටුගැමුණු රජතුමාගෙ චරිතය මට ලැබුණා. ගැමුණු මහරජ කියන නාට්‍යයත් මම කරල තියෙනව. මම බොහොම ආසාවෙන් මේ චරිතය කළේ. මේ වන විට සාර්ථකව තිරගත වෙනව.

වාසනා හස්ථියා සමග කළ රූගතකිරීම් මොන වගේ අත්දැකීමක්ද?

මම මේ කියන කාරණා කෙනෙක් හාස්‍යට ලක්කරන්න පුළුවන්. අලි ඇත්තු ගැටගහල තියෙන එක ගැන සමහර අය විවිධ අදහක් පලකරනවනෙ. ඒක වැරදියි කියන අදහසින් වගේ. අපි එක පැත්තකින් එහෙම දකිනකොට පෙරහැර තුළදි සහ චරිතවලදි හැසිරෙන ආකාරය දැක්කම අපිට හිතෙනව තිරිසන් සතෙකුට කොහොමද මෙච්චර දේවල් දැනෙන්නෙ කියල. ඒක හරියට නළුවකුට උපදෙස් දෙනකොට රඟපානව වගේ.

නළුවා සහ අධ්‍යක්‍ෂවරයා අතරින් චරිත් වඩාත් කැමති?

අධ්‍යක්‍ෂණය” කැමරාකරණය සහ නළුවා කියන භූමිකා හතර පහ කරනව. මේ සියලු දේ බැලන්ස් කරගෙන කරන එක තමයි කලාකරුවකුගේ දක්‍ෂතාව වෙන්නෙ සහ කලාකරුවෙක් කළ යුත්තේ. ඉදිරියේදී රඟපෑම පැත්තෙන් මාව වැඩිපුර දකින්න ලැබෙයි. ගීත ගායනා කරන්නත් ඉතාම කැමතියි. නමුත් ඒකට කාල වේලාවෙ ගැටලුවක් තියෙනව.

ඔබ තුළ සිටින ගායකයා එළියට දෙන්න අදහසක් නැද්ද?

අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕන දෙයක්. මෑත කාලයේ මම කරපු ගීත දහයක් පහළොවක් තියෙනව. නමුත් මුලින්ම එළියට දෙන ගීතය ගැන මම තවම සෑහීමකට පත් වුණේ නැහැ. ඒ පළවෙනි ගීතය මගෙ හිතට හරි ගිය දවසට අනෙකුත් ගීත සියල්ලත් එළියට දෙනව.

ඔබ සංගීත කණ්ඩායමක ගායන ශිල්පියෙක් බව නොදන්න අයත් ඇති?

සීදූව සකුරා සහ සමන් ඇන් ද ක්ලෑන් සංගීත කණ්ඩායම් දෙකේම කටයුතු කළා. මෑත කාලීන අය නම් නොදන්නව ඇති” නමුත් කලා ක්‍ෂේත්‍රයේ නම් හැමෝම වගේ දන්නව. ප්‍රේක්‍ෂකාගාරය නිතර අලුත් වන නිසා ඔවුන් මගේ ඉතිහාසය හොයල බලන්නෙ නැහැනෙ.

පැරණි සාමාජිකයන් මුණගැහෙනවද?

ගායකයන් විදිහට මං එක්ක වැඩ කළ භාචි සහ චමින්ද අදටත් මාත් එක්ක ගොඩක් හිතවත්. හිට මුණගැහිල අපි විනෝද වෙනව. චරිත්ගේ අරමුණ?

මගේ ගමන දැනට සියයට විසිපහක් පමණ මම ඇවිත් තියෙනව. නමුත් තව සියයට හැත්තෑ පහක දුරක් යන්න තියෙනව. ඒ අතර චිත්‍රපට සමග ජාත්‍යන්තරයට යෑමේ බලාපොරොත්තුවක් මට තියෙනව.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment