ලංකාවේ පළමු වතාවට සංක්‍රාන්ති ලිංගිකයන්ට පැජන්ට් එකක් – ත්‍රිකලා ධරණි

303

ත්‍රිකලා මේ මොනවාද කරන්න හදන්නේ
අනුග්‍රාහකයෝ නැතිලු…

වෘත්තීමය වශයෙන් මෙන්ම ජාත්‍යන්තරව පිළිගත් සුරූපී, දක්ෂ නිරූපණ ශිල්පිණියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ. ත්‍රිකලා මෙවර ලංකාවේ පළමු වරට transgender Pageant එකක් (සංක්‍රාන්තික ලිංගික) කිරීමට මේ දිනවල සූදානම් වෙනවා. ත්‍රිකලාගේ මේ අලුත්ම Pageant එක ගැන තොරතුරු දැනගැනීමට අපි ඇය සමග සුහද කතාබහකට එකතුවුණා.

ත්‍රිකලා අලුත් fashion show එකක් කරන්න යනවා කියලා ආරංචි වුණා. මොකක්ද මේ අලුත් වැඩේ?

ඇත්තටම මේක කාලයක් තිස්සේ මගේ ඔළුවේ තිබුණ දෙයක්. මොකද අපි දන්නවා පැජන්ට් එකක් කරන්න කිව්වම හැමතිස්සෙම කිරුළක් ගෙනෙන්නේ සල්ලිවලට හෝ ලිංගික අල්ලස්වලට කියලා. ඉතිං මට හිතුණා ලිංගික අල්ලස් හෝ මුදල් දෙන්නෙ නැතිව හරි විදිහට, දක්ෂයාට, සුදුස්සාට සුදුසු තැන හිමිවන පැජන්ට් එකක් කරන්න. මේකේ විශේෂත්වය තමයි Mis: Miss cate gory වර්ගීකරණයට අමතරව Mis Transgender කියන කිරුළත් ලංකාවට හඳුන්වා දෙනවා. මම හිතනවා ඒක සියලු දෙනාටම කිසිම අසාධාරණයක් නැතුව, හැමෝගෙම දක්ෂතාව අනුව හැකියාවට සුදුසු තැනක් ලැබෙන පැජන්ට් එකක් වෙයි කියලා.

ලංකාවේ පළමු වතාවට සංක්‍රාන්ති ලිංගිකයන්ට පැජන්ට් එකක් - ත්‍රිකලා ධරණි

සංක්‍රාන්තික ලිංගිකයන්ගේ කිරුළක් සංවිධානය කරන්න හිතුවේ ඇයි ?

ඇත්තටම Top models academy එක හරහා මම ලිංගික සංක්‍රාන්තිකයන්ට ලොකු platform එකක් ලංකාවේ හැදුවා. විශේෂයෙන්ම ඒ අයට අනුවර්ථ නාම වලින් කතා කරනවා සහ සමාජයෙන් ඔවුන්ව කොන් කරනවා. ඒ අයට Mis සහ Miss pageant එකකට යන්න බැහැ. අඩුම තරමේ ඒ අයට පාරේ බැහැලා, ඔවුන්ට අදාළ තැන හිමිවෙන්නේ නැහැ. ඉතිං මට හැමදාම තිබුණ ප්‍රශ්නයක්, ඇයි මිනිස්සු මේ විදියට කරන්නේ කියන එක. මොකද ඒ අයත් සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය සිතුම් පැතුම් තියෙන මිනිස්සු. ඒ නිසා ඔවුන් වෙනුවෙන් මම හඬක් නැගුවා. ඒක දැන් සාර්ථක වෙලා තියෙනවා.

ලංකාවේ පළමු වතාවට සංක්‍රාන්ති ලිංගිකයන්ට පැජන්ට් එකක් - ත්‍රිකලා ධරණි

මේ සඳහා ඉදිරිපත් වෙන්න තරගකරුවන් ඇත්තටම ඉන්නවාද?

අනිවාර්යයෙන් විශාල පිරිසක් ඉන්නවා. මොකද විශේෂයෙන්ම සංක්‍රාන්ති ලිංගිකයන් හැම කෙනෙක්ම මේ තරගයට සහභාගි වෙනවා, කියලා කියන්නත් අපහසුයි. මොකද, පැජන්ට් එකක් කියලා කියන්නේ, කෙටි කාලයක් තුළදී සංවිධානය වෙන නිරූපණ තරගයක්.

පසුගිය දිනවල ඔබේ නිරූපණ පාසලෙන් බිහි වුණ රිස්වාන්ගේ කතාව බොහෝ ජනප්‍රිය වුණා. එය ඔබ මේ වෙලාවේ ප්‍රයෝජනයට ගන්නද හදන්නේ?

ඇත්තටම නැහැ. රිස්වාන්ගේ කතාවෙන් පස්සේ තවත් රිස්වාන්ලා ගණනාවක්ම මම බිහිකළා. හැබැයි රිස්වාන් තරම් ඒ අය කථාබහට ලක්වුණේ නැහැ. මම හිතනවා රිස්වාන් එයාගේ ජීවිතේ ලබාගන්න ඕනෑ ප්‍රසිද්ධිය සහ තැන ලබාගෙන ඉවරයි. ඇත්තටම රිස්වාන් නිසා නෙවෙයි මේක සංවිධානය කළේ. තවත් එවැනි දක්ෂයෝ ගොඩක් හැංගිලා ඉන්නවා. ඔවුන්වත් එළියට ගන්න තමයි මේක සංවිධානය කළේ.

මේ වගේ වැඩක් කරලා සමාජයෙන් බැණුම් අහන්න වෙයි ද?

මම හිතන්නේ අපි මොන දේ කළත් සමාජය අපිට බනිනවා නේ. මේ ලෝකෙ තියෙන හොඳම දේ කළත් ඒකට බනින පිරිසකුත් අනිවාර්යෙන්ම ඉන්නවා. ඉතින් මම හිතන්නේ අපි කරන්නේ හරි දේ නම් ඒකෙන් සමාජයට හානියක් වෙන්නෙ නැත්නම්, ඒක ප්‍රශ්නයක් නැහැ.

මේ කිරුළට අයැදුම් කරන්න පුළුවන් ඔබේ නිරූපණ පාසලෙන් නිරූපණය හදාරපු ශිෂ්‍යයන්ට විතරද?

අනිවාර්යෙන්ම ඔව්. මොකද මගේ පාසලෙන් මාස දෙකක් තිස්සේ මාත් එක්ක ජාත්‍යන්තර විෂය නිර්දේශයක් පුහුණුවෙලා “professional photo shoot ගණනාවක් කරලා, ශ්‍රී ලංකාවේ ලොකුම පැජෙන්ට් ෂෝ එකේ රැම්ප් කරල, ග්‍රැජුවෙට් වෙන දරුවෙක්ට, සාමාන්‍ය දරුවෙක් එක්ක තිබ්බොත් ඒක ඒ දරුවාට කරන ලොකු අසාධාරණයක්. එහෙම කළොත් ඒක නිරූපණ ගුරුවරියක් විදිහට මම කරන අසාධාරණයක් වෙනවා. ඉතින් ඒ නිසා කරට කර තරගයක් බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නිසා සහ කිසිවෙකුට අසාධාරණයක් නොවෙන්න තමයි, පුහුණුවක් ලද කෙනෙක්ට මේ තරගය සඳහා අයැදුම්පත් යොමු කරන්න කියලා, කෝල් කරලා තියෙන්නෙ.

රූපණ පාසල නිසාම ත්‍රිකලාට තරහකාරයොත් වැඩිවෙලා. එහෙමද?

ඇත්තටම ඔව්. ඉස්සර මාව කොහේදි හරි හම්බුණාම අනේ, ත්‍රිකලා කොහොමද ඩාලිං, කියලා මාව බදාගෙන කියපු අයම දැන් සමාජ මාධ්‍යවල මට මඩ ගහනවා. මට ලංකාවෙ නිරූපණය උගන්වපු කිසිම ගුරුවරයෙක් නෑ. හැබැයි මට ආරංචි වුණා තුන් හතර දෙනෙක්ම කියලා තියෙනවා මම එයාලගේ

ගෝලයෙක් කියලා. එහෙම අයත් මාත් එක්ක තරහයි. මම නිරූපණය හැදෑරුවේ අබුඩාබි වලදී.

කවද ද මේ තරගයේ අවසන් මහා රාත්‍රිය පැවැත්වෙන්නේ?

29 වැනි දා mini pageants පැවැත්වෙනවා. සැප්තැම්බර් 03 වැනිදා අවසන් මහා රාත්‍රිය පවත්වන්නට සියල්ල සූදානම් කරලයි තියෙන්නේ.

ත්‍රිකලා ඔබට මේ කර්තව්‍ය සාර්ථක කරගන්න සහයෝගය ලබා දෙන්නේ කවුද?

ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද සාමාන්‍යයෙන් පැජන්ට් එකක් ස්පොන්සර්ලා නැතුව තනි පුද්ගලයෙකුට කරන්න බැහැ. ලංකාවේ මම දැනුවත්ව කිසිම පැජන්ට් එකක් තනි මනුස්සයෙකුගේ මුදලින් කරන්නේ නැහැ. ඒ නිසාම තමයි, මම පැජන්ට් එකක් කරනවා නම් අඩුම තරමේ වතුර බෝතලයක්වත් ස්පොන්සර් කෙනෙක් සම්බන්ධ කර ගන්නේ නැතුව, මම මගේ තනි වියදමින්ම විතරක් කරනවා කියලා තීරණය කළේ. මට උදව් කරන්නේ එකම කෙනයි. ඒ තමයි මගේ මහත්තයා ඉනෝක පෙරේරා.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment