මහජන විරෝධතා මර්දනය නතර කරන්නැයි ඉල්ලා මැතිසබා පිවිසුම අසල සජබ විරෝධතාවක

86

ආණ්ඩුව විසින් මහජන විරෝධතා මර්දනය කරන බව කියමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිවිසුම අසල ඊයේ විරෝධතාවක නිරත වූහ.

‘රාජ්‍ය මර්දනය නවත්වනු, හදිසි නීතිය අහෝසි කරනු යන තේමාව මුල් කර ගෙන ඊයේ පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ කිරීමට පෙර මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

මහජන විරෝධතා මර්දනය නතර කරන්නැයි ඉල්ලා මැතිසබා පිවිසුම අසල සජබ විරෝධතාවක

මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා “ලබන දොළොස් වැනිදාට නියමිත ජාත්‍යන්තර තරුණ දිනය දා මෙරට හිරගෙවල් තරුණයන්ගෙන් පුරවන්න හදනවා දැයි ප්‍රශ්න කළේය. මේ වන විට පුරවැසි අරගලයේ යෙදුණු තරුණ පිරිස් දඩයම් කිරීම ආණ්ඩුව විසින් අරඹා ඇතැයි කී විපක්ෂ නායකවරයා ගෝඨා ගො ්ගම ඉදිකොට තිබූ පුස්තකාලයට සම්බන්ධ තරුණ පිරිස අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට පවා ආණ්ඩුව පෙළඹී ඇතැයි ද කීය.

ලබන දොළොස් වැනිදාට යෙදෙන ජාත්‍යන්තර තරුණ දිනය නිමිති කොටගෙන ආණ්ඩුව මේ රටේ හිරගෙවල් තරුණයන්ගෙන් පිරවීමට කටයුතු කරනවා දැයි සැකයක් ඇතැයි පැවසූ හෙතෙම ආණ්ඩුවේ මේ මර්දනය වහා නවතා දැමිය යුතු බව පැවසීය.

ආණ්ඩුවේ මේ මර්දනය සහ රාජ්‍ය මිලේච්ඡත්වය, සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් තරයේ හෙළා දකින බව ද, අභිරහස් ලෙස තරුණයන් අතුරුදන් කිරීම පිටුපස සිටින හස්තය කුමක් දැයි හෙළි කළ යුතු බව ද පැවසූ සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන හදිසි නීතිය වහා අහෝසි කොට සාමාන්‍ය නීතියට රට පත් කළ යුතු බව ද සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment