මහ බැංකු අධිපති නඩු තීන්දුවේ බලපෑම සොයයි

114

ආර්ථික පරිහානිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයත් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති නිසා ඉදිරියේදී එම නඩු තීන්දුවේ බලපෑම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

රටේ ඉහළ ම අධිකරණය ලබාදුන් තීන්දුවක් ලෙස එම අධිකරණ තීන්දුවට ගරු කරන බවත් එම තීන්දුවෙන් මහ බැංකුවට ඇතිවන බලපෑම සම්බන්ධයෙන් ඉදිරියේ දී නීති උපදෙස් ලබාගෙන ඒ අනුව ක්‍රියාකරන බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

මහ බැංකුවේ මුදල් මණ්ඩලයට මේ සම්බන්ධයෙන් වගකීමක් පැවරුණු එකත් අවාසනාවන්ත තත්ත්වයක් බව පැවසූ ආචාර්ය වීරසිංහ මහතා කියා සිටියේ මේ තීන්දුව අධ්‍යනය කර යම්කිසි ආකාරයකට ක්‍රියාත්මක විය යුතු බවයි.

නව මහ බැංකු පනත අනුව මහ බැංකුව නියමිත වෙලාවට නිවැරැදි තීරණ ගතහොත් ඉදිරියේදී ප්‍රශ්නයක් නොවනු ඇති බව එම තීන්දුව අනුව තේරුම් ගැනීමට තිබෙන බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කීවේය.

මහ බැංකු මූලස්ථානයේ දී පසුගිය සිකුරාදා (24දා) පැවැති මාධ්‍ය හමුවේදී ‘දිවයින ඉරිදා සංග්‍රහ’ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment