1990න් 375146ක් ගිහින්

80

2023 වසරේ දී හදිසි අනතුරු ඇතුළු විවිධ රෝගවලට ලක්වූ රෝගීන් තුන් ලක්ෂ හැත්තෑ පන්දහස් එකසිය හතළිස් හය දෙනකුට අධික පිරිසක් 1990 සුවසැරිය ගිලන් රථ සේවාව මගින් රෝහල්ගත කර ඇතැයි එහි ප්‍රධාන විධායක නිලධාරී ෂොහාන් ද සිල්වා මහතා පැවැසීය.

පසුගිය වසරේ මෙම ගිලන් රථ සේවාවේ මහාමාර්ගයේ හදිසි අනතුරුවලට ලක්වූවන්, හෘදයාබාධවලට ලක්වූවන්, නිවසේදී වැටීම්වලට ලක්වූවන්, ගැබිනි මාතාවන්, නිවසේදී හදිසි අනතුරුවලට ලක්වූවන් මෙලෙස රෝහල්ගත කර ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

දිවයින පුරා සුවසැරිය ගිලන් රථ 297ක් ඇති බවත්, ඒවායේ සේවකයන් 322දෙනකු සේවය කරන බවත් ඒ මහතා කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment