ආයුර්වේදය අශ්ව ගන්ධ වයින් හදයි

227

ආයුර්වේද ඖෂධ සංස්ථාව මගින් උසස් ප්‍රමිතියෙන් යුත් අශ්ව ගන්ධ වයින් වර්ගයක් නිෂ්පාදනය කර ඇතැයි එම සංස්ථාවේ සභපති ආචාර්ය අනුර ඇතුළත්මුදලි මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ සඳහන් කළේය.

එම වයින් වර්ගය ඉදිරියේදී දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය අවසරය ලබාගැනීමට යොමු කර ඇතැයි ද කීවේය.

අමුන්තරා නැමැති ඖෂධ භාවිත කර නිෂ්පදනය කරනු ලබන අශ්ව ගන්ධ අරිෂ්ටයෙන් ශරීරයට ලැබෙන උත්තේජනයට සමාන උත්තේජනයක් මින් ලැබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතාගේ උපදෙස් මත මෙම අශ්ව ගන්ධ වයින් වර්ගය නිෂ්පාදනය කර ඇතැයිද ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ආචාර්ය අනුර ඇතුළත්මුදලි මහතා වැඩිදුරටත් පැවැසීය.

උපලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment