මත් ජාවාරම අඩකින් අඩුවෙලා

171

පොලිසිය මගින් දීප ව්‍යාප්ත අන්දමින් සිදුකරනු ලබන යුක්තිය මෙහෙයුම නිසා මත්ද්‍රව්‍ය ජාවාරම සියයට පනහකින් අඩුවීමක් පෙනෙන බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්‍ද්‍රකුමාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය.

මෙම වැටලීම්වල ප්‍රගතිය පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සිදුකළ සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය වූ බව ද හෙතෙම කීය.

මෙම මෙහෙයුම නිසා මත්ද්‍රව්‍ය හිඟයක් මෙන්ම එහි මිල ගණන් පවා ඉහළ ගොස් ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය සැකකරුවන් එම ජාවාරම් පිළිබඳ ඉතා වැදගත් තොරතුරු රාශියක් හෙළි කරන බව ද පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment