ජාතික සුපර් ලීග් දෙවැනි අදියර අද සිට

70

ජාතික සුපර් ලීග් සිව් දින තරගාවලියේ දෙවැනි අදියර අද (14 වැනිදා ) සිට ආරම්භ වේ. ඒ අනුව දෙවන අදියරේ පළමු තරගය ලෙස ගාල්ල සහ නුවර කණ්ඩායම හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී අද (14 වැනිදා ) තරග වැදීමට නියමිතය.

ඊට සමගාමීව කොළඹ සහ යාපනය කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද තරග වදී.

මෙම වසරේ ජනවාරි මස ඇරඹි සුපර් ලීග් තරගාවලියේ පළමු වටය පෙබරවාරි 19 වැනිදා දක්වා ක්‍රියාත්මක වූ අතර එම වටය අවසන් වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය දිනා ගැනීමට ගාලු ක්‍රීඩකයෝ සමත්ව සිටියහ. ඔවුන් සහභාගි වූ තරග 4න් තරග 2ක් ජයග්‍රහණය කරමින් සහ නොවිසඳුන තරග 2ක් සමඟින් ප්‍රසාද ලකුණු 51.68ක් ලබා ගනිමින් ඉදිරියෙන් පසු වෙති.

එහි දෙවැනි ස්ථානය හිමි මහනුවර කණ්ඩායම ඔවුන් සහභාගි වූ අතර 4න් තරගයක් ජයග්‍රහණය කරමින්, තරගයක් පරාජය වෙමින් සහ අනෙක් තරග 2 විසඳුමකින් තොරව අවසන් කරමින් ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 49.695 කි.

ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ තුන්වෙනි ස්ථානය යාපනය කණ්ඩායමටත් සිවුවැනි ස්ථානය දඹුලු කණ්ඩායමටත් හිමි වී ඇත. ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ අවසන් ස්ථානයේ කොළඹ කණ්ඩායම පසුවේ.

තරගාවලියේ අවසන් මහා තරගය අප්‍රේල් මස 30 සිට මැයි 03 දක්වා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment