පුහුණුව විසඳුමකින් තොරයි

92

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ සංචාරක පාකිස්ථාන කණ්ඩායම අතර පැවැති දෙදින පුහුණු තරගය ඊයේ (12 වැනිදා) ජය පරාජයෙන් තොරව නිමා විය.

පළමු දිනය නිමා වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 165 ක් ලබා ගෙන සිටි පාකිස්ථාන කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 342 ක් වාර්තා කළ අතර ඉන්පසු දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 88 ක් රැස් කරගෙන සිටියදී තරගය අවසන් විණි.

පාකිස්තානය වෙනුවෙන් බාබර් අසාම්, ශාන් මසූඩ් සහ සල්මන් අලි අගා අර්ධ ශතක වාර්තා කළ අතර ලක්ෂිත මානසිංහ කඩුලු 4 ක් දවා ගත්තේය. ප්‍රවීන් ජයවික්‍රම කඩුලු දෙකකින් දායකත්වය දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment