ආනන්ද නාලන්ද සටනට වර්ෂාව හරස් වෙයි

112

කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ නාලන්ද විදුහල සුලෝහිත සංග්‍රාමයට සමගාමීව පැවැත්වෙන වාර්ෂික එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

ආචාර්ය පී. ද එස්. කුලරත්න අභියෝගතා කුසලානය සඳහා කොළඹ එස් එස් සී පිටියේ පැවති එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නාලන්දා විදුහල නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 252ක් රැස් කළ අතර, වර්ෂාවෙන් බාධාවීම හේතුවෙන් ආන්නද විදුහලට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට නොහැකි විය. මේ හේතුවෙන් තරගය විසඳුමකින් තොරව නිමා වූ අතර, දෙපිලටම සම ශූරතාව පිරිනැමිණි. යසිරු සමරකෝන් සමඟින් නාලන්දා ඉනිම ඇරඹූ රුසිරු විලෝචන ලකුණු 46ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. යසිරු සමරකෝන් (18) සමඟින් පළමු කඩුල්ලට ලකුණු 35ක් එක් කළ ඔහු සදෙව් සමරසිංහ සමඟින් දෙවැනි කඩුල්ලට ගොඩනැඟූ සබඳතාව ලකුණු 56කි. රුසිරු දැවී යන විට පන්දු 66කදී හතරේ පහර 7ක් එල්ල කර තිබිණි. සදෙව් ලකුණු 33කට දැවී ගිය අතර, කුෂ්මිත සිල්වා පන්දු 59කින් ලකුණු 41ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී අයේෂ් ශිත්මාල් කඩුලු 2ක් බිඳ දැමූ අතර, ඉසුරු වීරසූරිය, කිත්ම සිත්මාල්, කවීෂ මෙන්ඩිස්, නෙත්ම සමරවීර සහ දිනද අතලගේ කඩුල්ල බැගින් දවා ගත්හ. නාලන්දා – 252/8 (ඕවර 50) රුසිරු විලෝචන 46, කුෂ්මිත සිල්වා 41, සදෙව් සමරසිංහ 33, සජිත් විතානගේ 28, චනුල් අතුකෝරල 19, යසිරු සමරකෝන් 18, සෙනේෂ් විජේසිංහ 18 (අයේෂ් සිත්මාල් 39/2).

advertistmentadvertistment
advertistmentadvertistment