ශ‍්‍රී ලංකාව ලෝක ශූරයන් වී වසර 26 යි

187

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම එක් දින ක‍්‍රිකට් පිටියේ ලෝක ශූරයන් බවට පත්වී අදට (17 වැනිදාට) වසර විසිහයක් සපිරේ.

 අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේ ලාහෝර් හි ගඩාෆි ක‍්‍රීඩාංගනයේ දී ප‍්‍රබල ඔස්ටේ‍්‍රලියාව පරාජය කරමින් එම ජයග‍්‍රහණය ලබා ගත්තේ ය.

 තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලබාගත් ලකුණු 241 ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46 යි පන්දු දෙකක් තුළදී කඩුලූ 3ක් දැවී ඉක්මවා යාමත් සමග

 ශ‍්‍රී ලාංකිකයන් ප‍්‍රමුඛ ආසියානුවෝ ඔල්වරසන් දුන්හ.

 එම අවසන් මහ තරගයේ නොදැවී ශතකයක් ලබාගෙන තරගයේ වීරයා බවට පත් වූ උප නායක අරවින්ද ද සිල්වා තරගයට පෙර දින පැවැති අවසන් පුහුණු සැසියේ විරාමයක් අතරතුර දී ගත් ඡායාරූපයක් මෙසේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment