ටින් මාළු ආනයනය තාවකාලිකව නතර කරන්න ඇමැතිගෙන් ධීවර අධ්‍යක්‍ෂ ජනරාල්ට උපදෙස්

94

දේශීය ටින් මාළු කර්මාන්තය නැංවීම සඳහා විදේශයන්ගෙන් ටින් මාළු ආනයනය තාවකාලිකව නතර කරන ලෙස ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතාට උපදෙස් දී ඇත.

ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයන් හා ධීවර අමාත්‍යවරයා අතර ධීවර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ඇමැතිවරයා මෙම උපදෙස් දී ඇත.

පසුගිය මාස කිහිපයේ විශාල ලෙස ටින් මාළු ආනයනය කිරීමත් වැට් බදු පැනවීම නිසා දේශීය ටින් මාළු මිල ඉහළ යෑම ඇතුළු දේශීය ටින් මාළු කර්මාන්තයට එල්ල වී ඇති ගැටලු පිළිබඳව ටින් මාළු නිෂ්පාදකයන් ඇමැතිවරයාට පෙන්වා දී ඇත. පවතින තත්ත්වය හමුවේ දේශීය ටින් මාළු කර්මාන්තය පවත්වාගෙන යෑමට හැකියාවක් නැති බව ද ඔවුන් ඇමැතිවරයාට පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ මාළු මිල ඉහළ යන කාලවලදී ටින් මාළු නිෂ්පාදකයන් සඳහා මාළු ආනයනය කිරීමට අවසර ලබාදීමේදී දේශීය ටින් මාළු නිෂ්පාදකයන්ට අවස්ථාව ලබාදෙන ලෙස ද ඇමැතිවරයා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment