කාන්තා කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමේ සටනක

179

පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍ර‍්‍රීඩා තරගාවලියට අදාළ ක‍්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් මැලේසියාවේදී පැවැත්වෙන කාන්තා ක‍්‍රිකට් තරගාවලිය ස`දහා ශ‍්‍රී ලංකාවද නිර්දේශ වී ඇත.

 කණ්ඩායම් 5ක් එකී සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගි වන අතර එම කණ්ඩායම් අතරින් ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම පොදු රාජ්‍යය මණ්ඩලීය තරගාවලියට තෝරා ගැනෙයි.

 චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ලබන 19 වෙනිදා ස්කොට්ලන්තය සමගත්, 20 වෙනිදා කෙන්යාව සමගත්, 22 වෙනිදා සත්කාරක මැලේසියාව සමගත් තරග වැදීමට නියමිතය. 24 වෙනිදා බංග්ලාදේශය හමුවේ ශ‍්‍රී ලංකාව තරග වදින අතර එය ශ‍්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය වේ.

 පොදු රාජ්‍යය මණ්ඩලීය ක‍්‍රිකට් තරගාවලිය ස`දහා එංගලන්තය, ඔස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, පකිස්තානය, බාබඩොස්, නවසීලන්තය සහ දකුණු අප‍්‍රිකාව දැනටමත් සුදුසුකම් ලබා ඇති අතර එම තරගාවලිය ජූලි 29 වෙනිදා ආරම්භ වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment