පාසල් පැසිපන්දු තරගාවලිය උසස්පෙළ සිසුන්ට හරහට

67

උසස් පෙළ විභාගයට සූදානම් වීමද නැතහොත් අවුරුදු 20න් පහළ “ඒ” කාණ්ඩයේ පැසිපන්දු තරගාවලියට සූදානම් වීමද යන උභතෝකෝටික ප්‍රශ්නයට එම වයස් කාණ්ඩයේ පාසල් පැසි පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මේ වනවිට මුහුණ දී සිටිති. ඊට හේතුව ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය වයස අවුරුදු 20න් පහළ ‘ඒ’ කාණ්ඩයේ බාලක සහ බාලික තරගාවලිය මෙම මස 27 වැනිදා පැවැත්වීමට යොදා ගැනීම සහ ලබන ජනවාරි මස උසස් පෙළ විභාගයට දින නියම වී තිබීමයි.

2022 වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත වූ මෙම තරගාවලිය වසරකටත් වඩා වැඩි කාලයක් කල් දැමීමෙන් අනතුරුව මෙම දිනය තරග පැවැත්වීමට යොදා ගෙන ඇත. පාසල් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් විසින් තනතුරු දරනු ලබන සංගමයක් විසින් උසස් පෙළ විභාගය අමතක කරමින් මෙම තරගාවලිය සඳහා මෙසේ දින යොදා ගැනීම විමතිය දනවන ප්‍රශ්නයක් වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment