බටුවත්ත දුම්රිය ගේට්ටුව දෙපස මල් වත්තක් කළ සම්පත්

90

තම ගෙවත්තේ කෙතරම් ඉඩකඩ තිබුණද මල් පැළයක් හෝ සිටුවා ගැනීමට උනන්දුවක් නොදක්වන අය අතරේ සම්පත් ගුණතිලක මහතා ඒ වෙනුවෙන් හොඳම ආදර්ශයක් ලබා දී ඇත. වසර 18 කට පෙර දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයට එක්වූ ඔහුගේ රාජකාරිය දුම්රිය ගේට්ටුකරු ලෙසින් කටයුතු කිරීමය. රාගම, වල්පොළ පදිංචි සම්පත් මහතා දැනට සේවය කරන්නේ රාගම, බටුවත්ත දුම්රිය ස්ථානයේ ගේට්ටුකරු වශයෙනි.

බටුවත්ත දුම්රිය ස්ථානයේ දුම්රිය ගේට්ටුව දෙපස ඇති කුඩා ඉඩ ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජනයක් ගනිමින් සම්පත් මහතා ඉතා අලංකාරවත් ලෙසින් මල් වගාවක් කර ඇත. සැබැවින්ම එය ප්‍රියජනක දසුනකි. නෙක වර්ණයෙන් යුත් මල් පාත්ති මලින් පිරී ඇත්තේ මල් යායක සිරි නංවමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment