මෛත්‍රීපාල අෆ්රීන් අක්තර් හමුවෙයි

249

ඇමෙරිකාවේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් මහත්මිය අතර හමුවක් ඉකුත් (14දා) ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී සිදුවිය.

ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වයන් පිළිබඳව එහිදී දීර්ඝ සාකච්ඡාවක නිරත වී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික වී සකස් කරන සන්ධානය සම්බන්ධයෙන් සහ ද්විපාර්ශවික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදේශ කටයුතු ලේකම් සජින්ද වාස් ගුණවර්ධන සහ මධ්‍යම කාරක සභික, ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ සභාපති ආචාර්ය චමිල ලියනගේ යන මහත්වරුද සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment