ශ්‍රී ලංකාවට ණය දෙන්න එන්න: එක්සත් ජාතීන්ගේ සංවිධානය

446

පෙර නොවූ පරිදි දැඩි මූල්‍ය අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාවට ආධාර ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන, පුද්ගලික ණය දෙන්නන් සහ වෙනත් රටවල්ද ඉදිරිපත් විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය නවතම වාර්තාවක් මගින් පෙන්වාදී තිබේ. ශ්‍රී ලංකාව මින්පෙර අත්නොවිඳි දේශපාලන ව්‍යාකූලත්වයකට මුහුණ පා ඇති තත්ත්වයක් තුළ රටේ සමස්ත ජනතාවගේ මානව හිමිකම් භුක්ති විඳීමේ අයිතියටද අනිසි බලපෑම් ඇතිවී ඇතැයිද එම වාර්තාවේ සඳහන් වෙයි.

එසේම ශ්‍රී ලංකාවේ පවතින ණය අර්බුදයෙන් ජනතාව බරපතළ පීඩාවන්ට ලක්ව ඇති බවත් එය ණය අර්බුදයන්ගෙන් පීඩා විඳින ලොව අන් රටවලට මහඟු ආදර්ශයක් පෙන්වාදී ඇති බවත් එක්සත් ජාතීන්ගේ ස්වාධීන විශේෂඥ මහාචාර්ය අටියා වාරිස් මහත්මිය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment