නව ජනපති සතුට සමරා

576

වැලිගමිනුත් හරසර

නව ජනාධිපතිවරයා පත් වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයට බලය හිමි වැලිගම නගර සභාවේ සභාපතිනි යමුනා පුංචිහේවා මහත්මිය ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් පිරිසක් වැලිගම නගර මධ්‍යයට පැමිණ රතිඤ්ඤා දල්වා සතුට පලකළහ.

උතුරෙන් සුබ පැතුම්

නව ජනපති සතුට සමරා

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමේ ප්‍රීතිය නිමිත්තෙන් උතුරේ වැසියෝ රතිඤ්ඤා දල්වමින් සිය සතුට පළ කළහ. වවුනියාවේ ඔරලෝසු කණුව ඉදිරිපිට හා මුලතිව් නගරයේ බොහෝ වේලාවක් රතිඤ්ඤා දල්වමින් ප්‍රීති වූ ජනතාව කෑ කෝ ගසමින් නව ජනාධිපතිවරයාට සුබ පතූහ. – දිනසේන රතුගමගේ

බියගම කිරිබත් ඉදෙයි

නව ජනපති සතුට සමරා

නව ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීම නිමිත්තෙන් බියගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉර්ෆාන් මොහොමඩ් (එ.ජා.ප.), මොහිදීන් මොහොමඩ් සහ ඒ.එම්. තල්හා යන මහත්වරුන් ඇතුළු මුස්ලිම් ජාතිකයන් පිරිසක් ඊයේ (21) පෙරවරුවේ මල්වාන නගරයේදී කිරිබත් උයා මල්වාන නගරයට පැමිණි සිංහල සහ මුස්ලිම් ජනතාවට බෙදා දෙමින් සතුට පළ කළහ. බියගම ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක ප්‍රසන්න සම්පත් (එ.ජා.ප.) සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් මධුශංක (එ.ජා.ප.) යන මහත්වරුන් දෙදෙනාද මීට එක්ව සිටියහ.
දෙල්ගොඩ – ඩබ්ලිව්.ඩී. විතාන සහ බියගම – සුදත් පුබුදු කීර්ති

බගවන්තලාවේ රතිඤ්ඤා දල්වමින්

නව ජනපති සතුට සමරා

රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අට වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ඊයේ (21) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීම නිමිත්තෙන් බගවන්තලාව නගරයේ එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් රතිඤ්ඤා දල්වමින් සතුට පළ කළහ. බගවන්තලාව නගරයේ පිහිටි පාලම අසලදී ඔවූහු මෙලෙස සතුට ප්‍රකාශ කිරීමට එක්රැස්ව සිටියහ.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment