138 බස් රේස් නිසා මගීහු අමාරුවේ

455

මාර්ග අංක 138 හෝමාගම, කොට්ටාව හා මහරගම සිට පිටකොටුව දක්වා ධාවනය වන බොහෝ පෞද්ගලික බස්රථ මගී ජීවිත සත පහකටවත් මායිම් නොකර අපරික්‍ෂාකාරී අන්දමින් ධාවනය කරන බව මගීහු චෝදනා කරති.

බොහෝ පෞද්ගලික බස්රථ තරගයට ධාවනය කිරීම මීට ප්‍රධානම හේතුව බව මගීහු පවසති.

අප මේ ගැන බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්. ප්‍රසන්න සංජීව මහතාගෙන් විමසූවිට ඔහු මෙසේ කීය.

මේ සම්බන්ධයෙන් අපට පැමිණිලි ලැබිලා නැහැ. බස්රථ අපරික්‍ෂාකාරී අන්දමින් ධාවනය කරනවානම් ඒ ගැන 0112860860ට කියන්න. මගීන්ගේ ජීවිත ගැන හිතන්නෙ නැතුව බස්රථ ධාවනය කරන බවට පැමිණිලි ලැබුණොත් අනිවාර්යයෙන්ම එවැනි බස්රථවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment