ආරවුල දුරදිග යයි පොල්ලකින් ගසා බිරිඳ මැරූ සැකකරු නිදැල්ලේ

352

කුණ්ඩසාලේ, නත්තරම්පොත, කලාපුරය ප්‍රදේශයේ දී සිය බිරිඳට පොල්ලකින් පහරදී මරණයට පත්කළ පුවතක් වාර්තා වී ඇති බව පල්ලෙකැලේ බලගොල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වන ඩවූන්ඩගේ වරුණි නිලුෂිකා කුමාරි නන්දසේන නමැති කාන්තාවක් බවත්, මෙම සිදුවීම ඉකුත් 03 දා රාත්‍රියේ සිය නිවස තුළදීම සිදුව ඇති අතර පොල්ලකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුකොට ඇති බවට පොලිසිය සැක පළකරයි.

ආරවුල දුරදිග යයි පොල්ලකින් ගසා බිරිඳ මැරූ සැකකරු නිදැල්ලේ

මෙහි සැකකරු වන කුණ්ඩසාලේ නත්තරම්පොත කලාපුරයේ පළමු අදියරේ පදිංචි 38 හැවිරිදි රොෂාන් ඉවෝන්ද සිල්වා නමැති පුද්ගලයා වසර ගණනාවක සිට මියගිය අය සමඟ දිවි ගෙවා ඇති බවත්, මෙම ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකාර පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව වාර්තා වේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම දෙදෙනා අතර කලක පටන් ආරවුල් පැවති බවත්, සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි අයෙකු බවත්ය.

මොහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විශේෂ මෙහෙයුමක් දියත් කොට ඇති අතර මහනුවර පොලිස් නිල සුනඛ අංශයේ ‘ටෝරෝ’ සුනඛයාද පොලිස් පරීක්ෂණ සඳහා එක් කරගෙන ඇති බව බලගොල්ල පොලිසිය පවසයි.

තෙල්දෙණිය දිසා මහෙස්ත්‍රාත් දේවිකා සී. ජයවර්ධන මහත්මිය මළසිරුර පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය මහනුවර මහ රෝහල වෙත යොමු කිරීමට නියම කර ඇත.

පල්ලේකැලේ, බලගොල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. එස්. ක්‍රිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන

සිදු කරයි.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment