තායිලන්තයේ නව රජයක් පිහිටුවීමට පක්ෂ 08ක්

237

ඉකුත් ඉරිදා තායිලන්තයේ පැවැති මහ මැතිවරණයෙන් ජයගත් එරට විපක්ෂයට අයත් පක්ෂ අටක් එකතු වී හවුල් රජයක් පිහිටුවීමට තීරණය කර තිබේ. එම මැතිවරණයෙන් පාර්ලිමේන්තු ආසන 151ක් දිනා ගනිමින් බහුතර ආසන සංඛ්‍යාවක් හිමිකර ගෙන සිටින ‘මුව් ෆෝවඩ්’ පක්ෂය තවත් විපක්ෂ පක්ෂ හතක සහයෙන් මෙම හවුල් රජය පිහිටුවාගැනීමට නියමිතව ඇති අතර දැනට බලයේ සිටින හමුදා පාලනයෙන් සියතට බලය ලබාගැනීම ඔවුන්ගේ ඉලක්කය වී තිබේ.

විපක්ෂ පක්ෂ විසින් පිහිටුවීමට යන නව රජයට තායිලන්ත පාර්ලිමේන්තුවේ ඉහළ හා පහළ මන්ත්‍රී මණ්ඩලවල මන්ත්‍රීවරුන් 376 දෙනකුගේ සහය හිමි විය යුතු අතර තම පක්ෂවලට එම අභියෝගය ජය ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව නව රජයේ අගමැති අපේක්ෂකයා වන ‘මූව් ෆෝවඩ්’ පක්ෂයේ නායක 42 හැවිරිදි වියෙහි පසුවන පිටා ලිම්ජරෝඑන්රාට් සඳහන් කර තිබේ. 2014 වසරේදී හමුදා කුමන්ත්‍රණයකින් තායිලන්තයේ බලයට පත් වූ ප්‍රයුට් චන් ඕ චා ගේ එක්සත් තායි ජාතික පක්ෂයට මෙවර මැතිවරණයේදී දිනා ගැනීමට හැකිව ඇත්තේ ආසන 36ක් පමණකි.

advertistmentadvertistment
advertistmentadvertistment