පොලිසියේ ලොකු පුටු 19 කට වහාම මාරු

230

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු සහ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව්දෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් 19 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඇත.

වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා විසින් කළ ඉල්ලීමකට අනුව ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත මෙම මාරුකිරීම් සිදුකර තිබේ.

මෙසේ මාරුකර යැවූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙසේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යූ. පී. ඒ. ඩී. කේ. පී. කරුණානායක මහතා (රත්නපුර දිසාවේ සිට ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස), නියෝජ්‍ය පොලිස්පති ඩී. පී. චන්‍ද්‍රසිරි මහතා (ක්‍ෂේත්‍ර බළකා මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස), නියෝජ්‍ය පොලිස්පති ජී. අයි. ඩී. ආර්. විජේසිංහ මහතා (ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ක්‍ෂේත්‍ර බළකා මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස), නියෝජ්‍ය පොලිස්පති ඩී. වී. පී. අජිත් හේසිරි මහතා (බඳවා ගැනීම් හා පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට විශේෂ ආරක්‍ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස), නියෝජ්‍ය පොලිස්පති ඒ. එස්. පී. සී. වෙදමුල්ල මහතා (නාවික හා සංචාරක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස) වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති එච්. සමුද්‍රජීව මහතා (බස්නාහිර පළාත් ප්‍රජා පොලිස්, පරිසර ආරක්‍ෂණ සහ මහජන සාමය කළමනාකරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට නාවික හා සංචාරක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස) වැඩබලන නියෝජ්‍ය පොලිස්පති එච්. සී. ඒ. පුෂ්පකුමාර මහතා (දුක්ගැනවිලි අධිකාරි කොට්ඨාසයේ සිට බඳවාගැනීම් හා පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස), වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ඩබ්. එස්. පී. ද සිල්වා මහතා (අගමැති ආරක්‍ෂක කොට්ඨාසයේ සිට අගමැති ආරක්‍ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස), ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. එම්. එම්. බී. මහගිරිල්ල මහතා (ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ සිට ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ලෙස), කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්. ඒ. ඩී. කුමාරි මහත්මිය (පොලිස් මූලස්ථානයේ සිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ලෙස) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. ජී. පී. බී. සමරපාල මහතා (සේවාස්ථ පුහුණු කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ තනතුරේ සිට අපරාධ බුද්ධි, විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ලෙස), ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්. එම්. කේ. සී. තිලකරත්න මහතා (මුලතිව් කොට්ඨාසයේ සිට පොලිස් මූලස්ථානයට අනුයුක්තව මූලස්ථාන පරිපාලන අධ්‍යක්‍ෂ ලෙස). ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්. ජී. ඒ. බී. ගුණතිලක මහතා (ප්‍රවාහන කොට්ඨාසයේ සිට ගම්පොල කොට්ඨාස භාර නිලධාරි ලෙස), කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී. ජී. ජේ. එම්. ආරියසේන මහත්මිය (විභාග කොට්ඨාසයේ සිට පොලිස්පති ලේකම් කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ලෙස), ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්. එම්. පී. එන්. රත්නායක මහතා (ගම්පොල කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට සංචාරක පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ලෙස), ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්. ඒ. ඩී. ඊ. එල්. රන්දෙනිය මහතා (පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ තනතුරේ සිට මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ලෙස), ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. ඩී. පී. දයාරත්න මහතා (පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ සිට රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස), පොලිස් අධිකාරි ඩබ්. ඒ. සෝමරත්න මහතා (සුබසාධක කොට්ඨාසයේ සිට පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ලෙස), සහකාර පොලිස් අධිකාරි ඩී. එම්. එන්. සී. සෝමසිංහ මහතා (මහනුවර කොට්ඨාසයේ සිට නීති කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්‍ෂ ලෙස)
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment