ප්‍රේම සම්බන්ධය නවතා දමන්නැයි කියූ නිසා දැරිය දිවිනසාගෙන

78

ප්‍රේම සම්බන්ධය නවතා දමන්නැයි මිත්තනිය පැවසීමෙන් කලකිරුණු 15 හැවිරිදි දැරියක උල්ලිඳුවාව ගඟට පැන සියදිවි නසාගෙන ඇතැයි කොලොන්න පොලිසිය පවසයි.

මෙලෙස දිවිනසා ගත් ද්‍රවිඩ තරුණිය පසුගිය 08 වැනිදා සිට නිවසින් අතුරුදන් වී සිටි අතර ඒ ගැන පවුලේ ඥාතීහු කොලොන්න පොලිසියට පැමිණිලි කර තිබිණි.

ඒ අනුව පොලිසිය හා ප්‍රදේශවාසීහු එක්ව දැරිය ගැන සොයමින් සිටියදී එම දැරියගේ සිරුර උල්ලිඳුවාව ගඟේ තිබී පෙරේදා (09දා) සොයාගනු ලැබීය.

පසුව සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී දැරියගේ මරණය සියදිවි නසාගැනීමක් බවට තහවුරු වූ බව පොලිසිය පවසයි.

මෙම දැරියගේ මව හා පියා ඇයව අත්හැර වෙනත් විවාහ කරගෙන ඇති බවත්, පසුව දැරිය සිය මිත්තනිය භාරයේ හැදී වැඩී ඇතැයි හෙළිවූ බවත් පොලිසිය කියයි.

මෙම දැරිය තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවට මිත්තනියට දැන ගැනීමට ලැබීමෙන් පසු එම මිත්තනිය ඇයට මෙම සම්බන්ධය නතර කරන දමන ලෙස පවසා තිබේ. පසුව දැරිය මේ ගැන කලකිරී ගඟට පැන දිවිනසා ගෙන ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි. මේ පිළිබඳව කොලොන්න පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වීරසිංහ මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ප්‍රගීත් ජනක- ඕමල්පේ

advertistmentadvertistment
advertistmentadvertistment