පොලිසියේ මාරු අනීතිකයි – අජිත් රෝහණලා කියති

493

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනකු හිටි හැටියේම මාරු කර යැවීමත් සමගම පොලිස් දෙපාර්තමේන්තුවේ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී ඇත.

මෙම ස්ථාන මාරුවීම් නීතිවිරෝධී බව කියමින් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිලි කර තිබේ.

එම නිලධාරීන් පවසන්නේ ජාතික පොලිස් කොමිසමේ අනුමැතියකින් තොරව සිදුකර ඇති මෙම මාරුකිරීම් නීත්‍යානුකූල නොවන බවයි.

මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ මෙම ස්ථාන මාරුකිරීම් අනීතික බැවින් තමන් එය ක්‍රියාත්මක කිරීමට බැඳී නොසිටින බවයි.

කෙසේ වෙතත් මෙම ස්ථාන මාරුකිරීම්වලට එරෙහිව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විරෝධය පළකිරීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී ඇත.

පොලිස්පතිවරයාගේ නියෝග මත සිදුකර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ මාරුවීම් මෙසේය.

ලලිත් පතිනායක පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාත භාරවත් මධ්‍යම පළාතේ සිට අපරාධ සහ රථවාහන අංශය භාරවත්, සජීව මැදවත්ත වයඹ පළාත වැඩබැලීමේ සිට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මාරුකර ඇත.

නැගෙනහිර පළාත භාරව සිටි කිත්සිරි ජයලත් වයඹ පළාත භාරවත් රන්මල් කොඩිතුවක්කු වෛද්‍ය සේවා සහ සුභසාධන අංශයේ සිට සහායක සේවා භාරවත් පත්කර තිබේ.

දකුණු පළාත භාරව සිටි අජිත් රෝහණ මහතා නැගෙනහිර පළාත භාරවත් ඩබ්ලිව්. කේ. සිල්වා මහතා අපරාධ හා රථවාහන අංශයේ සිට පොලිස් වෛද්‍ය සේවා සුභ සාධන හා ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානය භාරවත් පත්කර ඇත.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment