කැලණිය සරසවියේ පීඨ 3 ක් අද ඇරේ

65

කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා ඇති පීඨ කිහිපයක් අධ්‍යයන කටයුතු සඳහා අද (11දා) සිට යළි ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව විද්‍යා පරිගණක තාක්‍ෂණ වාණිජ හා කළමනාකරණ පීඨ යළි විවෘත කිරීමට පියවර ගෙන ඇතැයි උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සඳහන් කරයි.

සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨ ලබන 18 වැනිදා සිට යළි විවෘත කිරීමට නියමිතය.

විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක නිලධාරියකු පැහැර ගෙන ගොස් පහරදී ශිෂ්‍ය මධ්‍යස්ථානයට ප්‍රවේශවන ගේට්ටුවේ ගැට ගසා තිබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෛi පීඨය හැර සෙසු පීඨ පසුගිය 04 වැනිදා සිට තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment