හෝටල් කෑමටත් වැට් වදී

114

රජය වැට් බදු වැඩිකිරීමත් සමඟ කිරි තේ, ප්ලේන්ටී, බත්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, පරාටා, බිත්තර රොටි ඇතුළු ෂෝටීස් මිල ඉහළ නංවන බව සමස්ත ලංකා ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා “දිවයින” ට ඊයේ (31 දා) පැවැසීය.

කෙසේ වෙතත් පිටිවලින් බලපෑමක් ඇති නොවීම නිසා බිත්තර ආප්ප හා ප්ලේන් ආප්ප මිල වැඩිනොකරන බවද හෙතෙම කීය.

තවදුරටත් කතාකළ හෙතෙම මෙසේද කියා සිටියේය.

“ආණ්ඩුව අපිව පෙළනවා. මේ තත්ත්වය උඩ අපිට ආහාර මිල ගණන් ඉහළ දාන්න වෙනවා. කිරි තේ එක රුපියල් 10 කින් වැඩිකරනවා. ප්ලේන්ටිය රුපියල් 5 කින් වැඩි කරනවා. ෆ්‍රයිඩ් රයිස්, කොත්තු රුපියල් 25 කින් වැඩි කරනවා. සියලුම ෂෝටීස් වර්ග රුපියල් 10 කින් වැඩිකරනවා. මේ තත්ත්වය තුළ ආපනශාලාවලට පාරිභෝගිකයන් එයිද කියලා ගැටලුවක් තියෙනවා. කොහොම වුණත් ව්‍යාපාර පවත්වාගෙන යන්න මේ දේ කරන්න සිදුවෙනවා. එක්කො රජය අපිට සහනයක් සලසන්න ඕනේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment