විදුලි සංදේශ සේවා ගාස්තුත් අද සිට ඉහළට

131

වැට් බදු සංශෝධනය කිරීමට රජය ගත් තීරණයත් සමඟ අද (01 දා) සිට විදුලි සංදේශ සේවා සඳහා වැඩිකළ වැට් බද්ධ එකතුවන බව දුරකථන සමාගම් පවසයි.

මේ වනවිට සියයට 15ක්ව පැවැති වැට් බද්ද අද සිට සියයට 18 ක් දක්වා ඉහළ දැමීමට රජය පියවර ගත් අතර එම හේතුවෙන් විදුලි සංදේශ සේවා සඳහා වන ගාස්තුව සියයට 03 කින් ඉහළ නැංවෙන බව සඳහන් වේ.

ඒ අනුව සියලුම ඇමතුම් ගාස්තු, අන්තර්ජාල සේවා ගාස්තු, මුදල් ගෙවා ලබාගනු ලබන රූපවාහිනී සේවා ගාස්තු යනාදී සියලු සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු ඉහළ නැංවෙන බව දුරකථන සමාගම් නිවේදනය කර සිටී.

ඇතැම් පෙරගෙවුම් කාඩ්පත් සඳහා වන ගාස්තු ඉහළ දැමීමක් සිදුකර නොමැති අතර එමගින් ලබාදෙන දත්ත කෝටාව අඩු කිරීමට පියවර ගෙන ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment