චාමර වීරසිංහ තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ

433

විශේෂඥ වෛද්‍ය සාගරී කිරිවන්දෙනිය

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා තවදුරටත් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ (MICU) ප්‍රතිකාර ලබන බව එම රෝහල් අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය සාගරී කිරිවන්දෙනිය මහත්මිය ‘දිවයින’ට ඊයේ (31 දා) පැවසුවාය.

නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් රෝහල් ගත කෙරුණු ඒ මහතාගේ පෙනහළුවල ගැටලුවක් මතුවී ඇති බවත් එබැවින් ඔහුට උපරිමයෙන් ප්‍රතිකාර කරන බවත් ඇය සඳහන් කර සිටියාය.

ඒ මහතා වෙන්ටිලේටර් මැෂිමේ ආධාරයෙන් සිටින බවත් ඔහුව බේරා ගැනීම සඳහා වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය උපරිම වෙහෙසක් ගන්නා බවත් රෝහල් අධ්‍යක්‍ෂවරිය සඳහන් කළාය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment