රිෂාඩ්ගේ නඩුවෙන් සිව්වන විනිසුරුත් ඉවත් වෙයි

262

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් හා ඔහුගේ සොහොයුරු රියාජ් බදුර්දීන් විසින් ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ද පෞද්ගලික හේතූන් මත ඊයේ (05දා) ඉල්ලා අස්විය.

විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එම නඩුකරයෙන් ඉවත් වූ හතරවන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වන අතර මින් පෙර ඒ. එච්. එම්. ඞී. නවාස්, යසන්ත කෝදාගොඩ සහ ජනක ද සිල්වා යන මහත්වරුද පෞද්ගලික හේතූන් මත එම නඩු කටයුත්තෙන් ඉල්ලා අස්වූහ. නීතිඥ ගෞරි සංගරි තවරාස මහත්මිය මගින් ගොනුකර තිබු එම පෙත්සම් මූර්දු ප‍්‍රනාන්දු, අචල වෙන්ගප්පුලි හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේදී ඊයේ (05දා) කැඳවිණි. එම පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 8 වැනිදා යළි කැදවීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළහ. අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ත‍්‍රස්වාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් තමන් රඳවා තබාගැනීම අභියෝගයට ලක් කරමින් පෙත්සම්කරුවන් එම පෙත්සම් ඉදිරිපත් කොට තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment