සති අන්තයේ ශ්‍රීපාද වන්දනාවට සැදැහැවතුන් ලක්‍ෂ ගණනින් එති

128

මෙවර සති අන්තයේ නවම් පුන් පෝය (05දා) දිනයත් සමග නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාද වන්දනාව සඳහා 100,000කට ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත වීරසේකර මහතා පැවසීය.

මෙවර වන්දනා සමග ආරම්භ වීමෙන් අනතුරුව වැඩිම වන්දනාකරුවන් පිරිසක් පැමිණි සති අන්තය මෙය බවත්, හැටන් නගරය දක්වා දුම්රියෙන් විශාල පිරිසක් පැමිණි බවත් පොලිසිය පවසයි. නල්ලතන්නිය නගරයේ පිහිටි ප්‍රාදේශීය සභා රථ ගාල හා පෞද්ගලික රථ ගාල් සියල්ල වන්දනාකරුවන් රැගෙන පැමිණි බස් හා වෑන් රථවලින් පිරීයෑම හේතුවෙන් නල්ලතන්නිය-මස්කෙළිය ප්‍රධාන මාර්ගය දෙපස කිලෝ මීටර් 03ක් පමණ දුරට රථ වාහන ගාල් කර තිබුණි. මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන පුද්ගලයන් සෝදිසි කිරීම විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා සිදු කරන බවත්, ඒ අනුව නල්ලතන්නිය නගරයේදී නීති විරෝධී ගංජා හා දුම්වැටි ළඟ තබාගෙන සිටි තිදෙනකු හා විවෘත වරෙන්තුකරුවකු පෙරේදා (04දා) අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් හැටන් දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිත බවත් නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ශාන්ත වීරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment