ඇඳිරියට නිවෙස්වල කොටුවීමෙන් – පවුල් ආරවුල් හා ගැටුම් වැඩිවෙලා – සැමියන්ගෙන් ගුටි කෑ බිරියන් 30 ක්

528

* දින 10 ට 150 ක් ජාතික රෝහලේ…..

කොවිඞ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීමට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ගතවූ දින 10 තුළ (අගෝස්තු 21 සිට අගෝස්තු 31 වැනිදා දක්වා) නිවෙස් තුළ සිදුවූ පවුල් ආරවුල් හා බීමත් පුද්ගලයන් අතරේ ඇතිවූ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 150 කට අධික පිරිසක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි එම රෝහල් ප‍්‍රකාශිකාවක් ‘‘දිවයින’’ට පැවසුවාය.

රෝහල්ගත කළ අය අතර, සැමියන්ගේ පහරකෑමට ලක්වූ බිරින්දෑවරුන්ද 30 දෙනකු වන බවද ඇය සඳහන් කළාය.

අනෙක් පිරිමි පුද්ගලයන් අසල්වැසි පිරිමි පුද්ගලයන් සම`ග මත්පැන් පානය කර ඇතිවූ බහිස්බස්වීම් දුරදිග යෑමෙන් පසු ඇතිවූ ගැටුම් හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කළ අය බවද ඇය කියා සිටියාය.

මීට අමතරව ගතවූ දින 10 තුළ නිවසේදී සිදුවූ වැටීම්වලින් පිලිස්සීම්වලින් පුද්ගලයන් 100 දෙනකු පමණ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි ද ඈ පැවසුවාය.

රෝහල්ගත කළ සියලූ දෙනා කොළඹ සහ ඒ අවට පදිංචි අවුරුදු 23 ත් 70 ත් අතර වයසේ පසුවන්නන් බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment