තෙබුවන නිවසක් පිටුපස වළ දමා තිබු ආයුධ තොගයක් අල්ලයි

269

තෙබුවන නිවසක් පිටුපස වළදමා තිබූ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ, හඳුනානොගත් පෑන් පිස්ටල් වර්ගයේ අවි දෙකක කොටස් සහ පතුරම් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් ඊයේ (15දා) සොයාගැනීමට හැකිවූ බව හොරණ විශේෂ කාර්ය බළකාය කියයි.

මෙලෙස සොයාගෙන ඇත්තේ විදේශ රටක නිෂ්පාදිත එස්. එෆ්. ජී. වර්ගයේ ජීව අත්බෝම්බ 2ක්, මිලිමීටර් 9 වර්ගයේ පතුරම් 315 ක්, රිවෝල්වර පතුරම් 3 ක්, ටී 56 පතුරම් 12 ක්, ස්නයිපර් පතුරම් 2 ක්, පොයින්ට් 22 පතුරම් 88 ක්, බෝර 12 පතුරම් 3 ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය බව පොලිසිය කියයි.

පොලිස් විශේෂ කාර්ය බළකායට ලද බුද්ධි තොරතුරක් අනුව තෙබුවන දෙල්ගොඩ ප‍්‍රදේශයේ නිවසක් පිටුපස ප්ලාස්ටික් බටවල බහා වළ දමා තිබූ මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගත් බව වැටලීමට සහභාගිවූ පොලිස් නිලධාරියෙක් පැවැසීය. අත්අඩංගුවට ගත් තෙබුවන, දෙල්ගොඩ, උඩුවර ප‍්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම ස`දහා තෙබුවන පොලිසියට භාරදී ඇත.

හොරණ විශේෂ කාර්ය බළකා ක`දවුරේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජේ. යූ. එස්. ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් වැටලීමට එක්වූහ.

කැස්බෑව – එස්. ජයසිංහ සහ  බණ්ඩාරගම – ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment