හැමිල්ටන් රිසර්ව් බැංකුව ලංකාවට පැවරූ නඩුව මාස 6 කට අත්හිටුවයි

73

ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් පවරා ඇති නඩුව මාස හයකට අත්හිටුවීමට නිව්යෝර්ක් දිස්ත්‍රික් අධිකරණය තීරණය කර තිබේ. 2022 ගෙවීම පැහැර හරින ලද ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කරය සම්බන්ධයෙන් ඇමරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව ශ්‍රී ලංකාවට එරෙහිව නඩුවක් ගොනු කර තිබිණි. මෙහිදී ශ්‍රී ලංකා රජය ඇමරිකානු අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින් මෙම නඩුව විභාග කිරීම අත්හිටුවන ලෙස ඉල්ලා තිබූ අතර මීට පෙර අවස්ථාවක ඇමරිකානු රජය මේ නඩුවේ තීන්දුව ලබා දීම කල්තබන ලෙස මෙම නඩු විභාගයේ විනිසුරුවරයාට ලිඛිතව දන්වා තිබුණි. 1948 දී බි්‍රතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලද පළමු ස්වෛරීත්ව ණය ගෙවීම් පැහැර හැරීම ලෙස මෙය සැලකේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment