ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීම ගැන රජය හෝ ජනපති දැනුවත් නැතිලු

123

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අතුරු කමිටුවක් පත්කිරීම පිළිබඳව රජය හෝ තමන් දැනුවත් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 දා) උදෑසන ප්‍රකාශ කර තිබුණි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කර ඇති බවට මාධ්‍ය මගින් පළ වී ඇති වාර්තා ගැන මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයාගෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමිනි.

ක්‍රිකට් අතුරු කමිටුවට පත්කර ඇති සාමජිකයන්ගේ නම් සඳහා ක්‍රීඩා ඇමැතිවරයා අනුමැතියක් පවා ලබාගෙන නැතැයි ද මෙහිදී හෙළි වී ඇත. එසේම අතුරු කමිටුවක් පත්කිරීම ගැන ඊයේ සවස පැවැත්වෙන ඇමැති මණ්ඩල හමුවේදී ක්‍රීඩා ඇමැතිවරයාගෙන් විමසා සිටීමට ඇමැතිවරුන් කිහිපදෙනකුම සූදානමින් සිටින බවට ද වාර්තා විය.

ක්‍රිකට් වැනි ආයතනයකට අතුරු කමිටුවක් පත්කිරීමේදී සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා දැනුවත් කරනමුත් මෙවර ක්‍රීඩා ඇමැතිවරයා මේ කාරණය ගැන ජනාධිපතිවරයා දැනුවත් කර නැතැයි වාර්තා වේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment