මේ වසරේ මාස 9 කදී ඩොලර් මිලියන 315 ක රට සීනි සහ රසකැවිලි කාලා

106

සීනි හා රසකැවිලි ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ මුල් මාස නවය තුළ (ජන-සැප්) ඇමරිකානු ඩොලර් මිලියන 315.9 ක් වැයවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එමෙන්ම මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පමණක් සීනි හා රසකැවිලි ආනයනය සඳහා වැයවී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 26.5කි. මෙරට සමස්ත සීනි අවශ්‍යතාවෙන් සියයට 15ක් පමණ දේශීයව සපුරාගන්නා අතර ඉතිරි අවශ්‍යතාව ආනයනය කිරීමෙන් සපුරා ගන්නා බවද මහ බැංකුව පෙන්වා දෙයි. ඉකුත් වසරේ (2022) මෙරටට සීනි මෙටි්‍රක් ටොන් 460,000 ක් ආනයනය කොට ඇති අතර ඒ සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 82,644කි.

ඉකුත් වර්ෂයේ සෙවනගල, පැල්වත්ත, ගල්ඔය, ඇතිමලේ යන සීනි කර්මාන්ත ශාලා මගින් සීනි මෙටි්‍රක් ටොන් 78857ක් නිෂ්පාදනය කොට තිබුණි. සීනි කිලෝවක් නිෂ්පාදනය කිරීමට පිළිවෙළින් සෙවනගල, පැල්වත්ත, ගල්ඔය, ඇතිමලේ යන කර්මාන්තශාලා රුපියල් 222.07 ක්, 224,225.96 ක් සහ රුපියල් 258 ක වියදමක් දරා තිබුණි. මුදල් අමාත්‍යාංශය මගින් සීනි කිලෝවක් සඳහා ශත 25 ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා වැඩි කොට ඇත.
ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment