කොටස් වෙළෙඳපොළ ඒකක 10000 ඉක්මවයි

96

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (15දා) ඒකක දසදහස සීමාව ඉක්මවා ගියේය.

මේ අනුව ඊයේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 10,072.38 දක්වා ඒකක 158.26 කින් ඉහළ ගොස් තිබේ.

මෙරට කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක දස දහස සීමාව මුලින්ම ඉක්මවා ගියේ 2021 ඔක්තෝබර් 25 වැනිදා වන අතර ඉන් පසු කොටස් වෙළෙඳපොළ පසුබෑමට ලක් වීමත් සමග 2022 මාර්තු 29 දින සියලු කොටස් මිල දර්ශකය ඒකක දසදහස සීමාවෙන් මෙපිටට පැමිණියේය. ඒ අනුව යළිත් එම මිල දර්ශකය කලකට පසු ඒකක දසදහස සීමාව ඊයේ පසු කළේය.

මේ අතර ඊයේ දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ රු. බිලියන 5.33 ක ගනුදෙනු පිරිවැටුමක් ද වාර්තා විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment