යාපනයේ නිවාසවලට හා පුද්ගලයන්ට පහරදුන් තිදෙනෙක් මාට්ටු

129

පසුගිය කාලයේ යාපනයේ නිවාසවලට හා පුද්ගලයන්ට පහර දෙමින් දේපල විනාශ කළ මැර කණ්ඩායමේ තිදෙනකු මෙරට නිෂ්පාදනය කළ ආයුධ කිහිපයක් සමග යාපනය පොලිසිය විසින් ආනේකෝට්ටේ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 මෙම සිද්ධීන් ගණනාවක්ම සිදු වූයේ යාපනයේ මනිපායී පොලිස් බල ප‍්‍රදේශය තුළ නිසා යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මනිපායී පොලිසිය වෙත බාර දී තිබේ. මෙම සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 23, 24 හා 25 යන වයස්වල තරුණයෝ වෙති.

 සැකකරුවන් ළඟ තිබූ කඩු දෙකක්, කෙටේරී දෙකක් හා සැකකරුවන් විසින් කම්මල්වලදී සකසා ගත් විවිධ වර්ගයේ ආයුධ පහක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය පොලිසිය හා මනිපායී පොලිසිය සැකකරුවන් යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment