ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් – ඇමැති සියඹලාපිටිය

60

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණයට සහය දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 200ක් ලබා දුන් බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

කෙටි කාලීන සහ දිගු කාලීන වැඩසටහන් සඳහා කොටස් දෙකක් ලෙස මෙම මුදල හිමි වෙයි. කෙටි කාලීන වැඩසටහන 2023 වසර තුළ ක්‍රියාත්මක කෙරෙන අතර දිගු කාලීන වැඩසටහන 2024 වසරේ සිට ආරම්භ කෙරේ. ආර්ථිකමය වශයෙන් රට තුළ සිදු කෙරෙන දිගු කාලීන ව්‍යුහාත්මය වෙනස්කම් වෙනුවෙන් අදාළ මුදල ලබා දෙන බව ඇමැතිවරයා කියයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය පිළිබඳ සුබවාදී අපේක්ෂාවෙන් පසුවන බව ද එය හිමිවීමෙන් පසු ජාත්‍යන්තර සංවිධානවල සහය ශ්‍රී ලංකාවෙ වෙත තවදුරටත් හිමි වනු ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේ ය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment